ඉන්දීය මහ කොමසාරිස් සහ මහින්ද හමුවෙයි

0
5

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද (24දා) දින පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණ.

එම අවස්ථාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් තුමන්ගේ බිරිඳ වන තනුජා ජා මහත්මිය ද සම්බන්ධ වූ අතර එහිදී දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කර ගනිමින් ඉතා සුහද පිළිසඳරක යෙදුණු බවත් සිංහල සිරිතට මුල්තැන දෙමින් පැවති දිවා භෝජන සංග්‍රහය රසවිඳි එම මහතාගේ හා මහත්මියගේ මිත්‍රත්වය මම සතුටින් සිහිපත් කරමි යැයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටී.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here