ඉන්දීය පාතාල නායක දාවුඩ්ගේ කුඩු සල්ලිවලින් මැරුණු කොටි සංවිධානයට පණ දෙන ගිවිසුමක් ඉන්දීය බුද්ධි අංශ හෙළි කරගනී

0
10

ප්‍රකට ඉන්දීය පාතාල නායකයකු වන දාවුඩ් ඊබ්‍රහිම්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය සහ හිටපු කොටි සාමාජික කණ්ඩායමක් අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ගිවිසුමක් ඇති කර ඒ හරහා නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානය

ගොඩනැංවීමේ කුමන්ත්‍රණයක් ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

මත්ද්‍රව්‍ය සහ ජාවාරම් සඳහා දිගු කලක් ප්‍රසිද්ධව සිටින ඩාවුඩ් ඊබ්‍රාහිම් ‘සින්ඩිකේට්’ නමැති සංවිධානය මගින් සිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු ඇතැම් සාමාජිකයන් සහ ක්‍රියාකාරීන් සම්බන්ධ කරගෙන ඇති බව ද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මෙම කල්ලි විසින් ඇති කරගන්නා නව සංවිධානයක් හරහා ඉදිරියේදී මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වාගෙන යෑම ආරම්භ කරනු ඇති බවටත් ඉන්දීය බුද්ධි අංශ හෙළි කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත්තේ කොටි සංවිධානය නැවත කරළියට පැමිණීමට උත්සාහ කරන බවය. කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් විදේශීය බැංකුවලින් මුදල් ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඒ හරහා සිය සංවිධානය නැවත පණගැන්වීමට ඔවුන් උත්සාහ කරන බවත් එම ඒජන්සිය හෙළි කරගෙන ඇත.

සංඛ්‍යාත්මකව ප්‍රමාණයක් නොතිබුණ ද සැලකිය යුතු හිටපු කොටි සාමාජිකයන් පිරිසක් සිටින අතර ඔවුහු බොහොමයක් ඉන්දියාව ආශ්‍රිතව පදිංචිව ජීවත් වෙති.

මීට වසර තුනකට පෙර කොටි සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීන් විසින් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට දැරූ උත්සාහයක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් ව්‍යාර්ථ කර ඇත. එහිදී සුරේෂ් රාජ් සහ සෞන්දරාජන් ලෙස හඳුනාගෙන ඇති තමිල්නාඩුවේ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව පදනම් කරගත් එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ නියෝග යටතේ ඔවුන් කටයුතු කර ඇති බවත් විමර්ශකයන් අනාවරණය කරගෙන තිබේ.
චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here