ඩුබායි හිදී පැවැත්වෙන ‘Dubai Air Show’ ගුවන් සන්දර්ශනය අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී තිබේ.
‘HAL තේජාස්’ නම් යානය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එම අනතුර ඩුබායි වේලාවෙන් අද (21) ප.ව. 2:10ට පමණ සිදුව තිබේ.
යානය කඩාවැටීමට පෙර එහි නියමුවා පිටතට පැනගත්තාද, නැතිනම් ජීවිතක්ෂයට පත්වූවාද යන්න පිළිබඳ මේ දක්වා තහවුරු කර නොමැත.
නරඹන්නන් පිරිසක් බලා සිටියදී අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් කළු දුමාරයක් සමග ගුවන්යානය කඩාවැටී තිබේ.
ලොව වඩාත් ජනප්‍රිය ගුවන් සන්දර්ශනයක් වන මෙම ඩුබායි ‘Dubai Air Show’ සඳහා ලොව පුරා රටවල් රැසක ගුවන් යානා කර තිබේ.
VIDEO | Dubai: A Tejas fighter jet taking part in the Dubai Air Show nosedived during an aerial display and crashed this afternoon. The HAL-manufactured aircraft went down around 02:10 pm local time while performing manoeuvres in front of a large audience. An official statement… pic.twitter.com/9MfLJgYeen
— Press Trust of India (@PTI_News) November 21, 2025
Saru FM Media









