ඉන්දීය ගී ලොව හැඩ කළ ආශා බෝස්ලේ දිවි සැරිය නිමා කරයි

0
2

ප්‍රවීණ ඉන්දියානු ගායිකා – ආශා බෝස්ලේ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මුම්බායි හි රෝහල්ගතව සිටියදී අවසන් සුසුම් හෙලූ ඇය, 92 වියේ පසුවිය.

දශක අටකට අධික කාලයක් පුරාවට වූ සිය වෘත්තීය දිවිය තුළ ඇය ගීත 12,000කට වැඩි ප්‍රමාණයක් ගායනා කර ඇත.

සිය වැඩිමහල් සහෝදරිය වූ ලතා මන්ජේෂ්කාර් මහත්මියට වඩා වෙනස් ගී ආරක් අනුගමනය කළ ඇය, සංගීත ලොව බැබලෙන්නේ පසුකාලීනව ඇගේ සැමියා වූ ආර්.ඩී. බර්මන් මහතා හමුවීමත් සමගයි. ආශා – බර්මන් සුසංයෝගය, බොලිවුඩ් සංගීත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස් ඇති කිරීමට සමත් වෙනවා.

විවිධ භාෂා වලින් විවිධ සංගීත ආර අනුව ගැයීමට සුවිශේෂී හැකියාවක් දැක්වූ ඇය, ජාත්‍යන්තර සංගීත තරු රැසක් සමග ද එක්ව ගීත නිර්මාණ ලොවට දායාද කළාය.

ඇගේ වියෝව පිළිබඳ වාර්තා වීමත් සමග සමාජ මාධ්‍ය පුරාවට ලොව නන් දෙසින් ශෝක පණිවිඩ පළ වී ඇත.

X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය – නරේන්ද්‍ර මෝදි මහතා පවසා ඇත්තේ ඇය, මෙතෙක් ඉන්දියාවෙන් බිහිවූ සංකේතාත්මක හා බහුනිපුණ හඬක් බවයි. ඇගේ සුවිශේෂී සංගීත දිවිය දේශයේ සංස්කෘතික උරුමය පෝෂණය කළ අතරම ලොව පුරා අසංඛ්‍යාත හදවත් ස්පර්ශ කළ බවද ඔහු කියා සිටියේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here