ඉන්දීය ක්‍රිකට් ආයතනයේ (BCCI) නව සභාපතිවරයා ලෙස මිතුන් මන්හාස් තේරීපත් විය.
BCCI 94වන වාර්ෂික මහා සභා රැස්වීම අද (28) පැවැති අතර, එහිදී ඔහු නිතරගයෙන් තේරී පත් විය.
ඉන්දීය පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම දිල්ලි ප්‍රාන්ත කණ්ඩායමේ හිටපු නායකයකේද වන මන්හාස් එරට 37 වන ක්‍රිකට් සභාපතිවරයා වේ.
45 හැවිරිදි මන්හාස් පළමු පෙළ ශතක 27ක් හා ශතක 49ක් රැස්කර ඇති ඔහු ලකුණු 9,714ක් රැස්කළ ඇත.
ඊට අමතරව පළමුපෙළ කඩුලු 40කටද ඔහු හිමිකම් කියා තිබේ.
දිල්ලි ප්‍රාන්ත කණ්ඩායමට අමතරව ඉන්දීය ඒ, ඉන්දීය 19න් පහළ, චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි ඩෙයාඩෙවිල්ස් ඇතුළු කණ්ඩායම් කිහිපයක්ම නියෝජනය කර ඇත.
ඉන්දීය හිටපු සභාපති රොජර් බිනී ඉකුත් අගෝස්තු මස සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ හේතුවෙන් වැඩබලන සභාපතිවරයා ලෙස උප සභාපති රජීව් ශුක්ලා කටයුතු කළේය.
Saru FM Media