ඉන්දීය ආරක්ෂ නෞකා දෙකක් කොළඹට

0
9

ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් වන වරහා සහ අතුල්යා “Varaha” “Atulya” කොළඹ වරායට නිල සංචාරයක් සඳහා පැමිණි අතර නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නාවික හමුදාව විසින් පිළිගෙන ඇත.

මීටර් 96.2 ක් දිග ඕෆ්ෂෝර් මුර සංචාර නෞකාවක් වන “Varaha”නෞකාව මෙහෙයවනු ලබන්නේ අණදෙන නිලධාරි අශ්විනි කුමාර් විසිනි.

මීටර් 50 ක් දිග වේග මුර සංචාර නෞකාවක් වන  “Atulya” නෞකාව මෙහෙයවනු ලබන්නේ අණදෙන නිලධාරි අනිත් කුමාර් මිශ්‍රා විසින්.

මෙම නෞකා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ අභ්‍යාසවලට සහභාගී වීමට නියමිත බව සඳහන් වේ.

මෙම සංචාරය ඉන්දීය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායන් අතර බහුවිධ අන්තර්ක්‍රියා තවදුරටත් වැඩිදියුණු කිරීමට අවස්ථාවක් සපයයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here