ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

0
13


ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (04) දිවයිනට පැමිණීමට නියමිතයි.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සමඟ ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම සංචාරයට එක් වනු ඇති.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමටත්, ද්වීපාර්ශ්වික නියෝජිතයන් අතර පැවැත්වෙන හමුවට සහභාගි වීමටත් සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here