ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අපේ්්‍රල් 04 වනදා සිට 06වනදා දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සිදු වන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අපේ්්‍රල් මස 03 වනදා තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර එරට සිට ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
නරේන්ද්‍ර මෝදි මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර තවත් දේශපාලන නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.
ඉන්දීය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
නරේන්ද්‍ර මෝදි මහතා අවසන් වරට මෙරටට පැමිණියේ 2019 වසරේදීයි.
Saru FM Media