ඉන්දීය අගමැති ලංකාවේදී අත්සන් කරන ගිවිසුම්

0
8


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයකට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ආරක්‍ෂක සහ බලශක්ති ක්ෂේත්‍රද ඊට ඇතුළත් බවයි. 

Neth Sound · CABINET NALINDA 01

කෙසේවෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසුවේ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව අත්සන් කරන මෙම ගිවිසුම් සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි. 

Neth Sound · DUMINDA NAGAMUWA 01

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වන්නේ හෙට දිනයේ සිටයි.

ඒ හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමටයි තීරණය කර ඇත්තේ.

ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය හේතුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් ද ක්‍රියාත්මකයි.  
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here