ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ඒ.පී. සිං ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.
ඒ, ඉන්දියාව සහ පාකිස්තානය අතර උත්සන්න වෙමින් පවතින යුධමය වාතාවරණය මධ්‍යයේයි.
අග්‍රාමාත්‍යවරයා, නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති හමුවීමෙන් පසුව ගුවන් හමුදා ප්‍රධානී හමුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ හමුදා ප්‍රධානී, ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි හමුවී සාකච්චා සිදු කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
කෙසේවෙතත් එම හමුවීම පිළිබඳ නිල නිවේදනයක් මෙතෙක් මාධ්‍යයට නිකුත් කර නැහැ.
අගමැති මෝදි ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේ ස්වභාවය, ඉලක්ක සහ වේලාව තීරණය කිරීමට ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට සම්පූර්ණ මෙහෙයුම් නිදහස ඇති බවටයි.
ඒ, මෙම සතිය මුලදී පැවති ඉහළ පෙළේ හමුවකදී.
එම හමුවට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන් සහ යුද, නාවික සහ ගුවන් හමුදා ප්‍රධානීන් සහභාගී වී තිබුණා.
Saru FM Media