ඉන්දීය අගමැති අද අනුරාධපුරයට

0
14


ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැඳපුදා ගැනීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව – අනුරාධපුර දුරකථන සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම නරේන්ද්‍ර මෝදි විසින් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නවීකරණය කරන ලද මහව – ඕමන්ත දුම්රිය මාර්ගය විවෘත කිරීමද අද සිදු කිරීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here