ඉන්දියාව සහ රුසියාව නාවික අභ්‍යාසයක

0
12


ඉන්දියාව සහ රුසියාව අතර චිරස්ථායී සමුද්‍ර හවුල්කාරිත්වයේ ශක්තිමත් පදනමක් ලෙස සැලකෙන ”ඉන්ද්‍රා” ඉන්දීය සහ රුසියානු ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයේ 14 වන අදියර ආරම්භ වී තිබේ.

එම අභ්‍යාසය මාර්තු 28 සිට අප්‍රේල් 2 දක්වා චෙන්නායි නගරයෙන් ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ පැවැත්වීමට නියමිතයි.

2003 දී එහි ආරම්භයේ සිට, ඉන්ද්‍රා අභ්‍යාසය නාවික හමුදා දෙක අතර දිගුකාලීන උපාය මාර්ගික සබඳතාව සංකේතවත් කරයි.

මෙම අභ්‍යාසය සමුද්‍රීය සහයෝගීතාවයේ සංකේතයක් බවට විකාශනය වී ඇති අතර, නාවික අන්තර් ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා දෙරටේ කැපවීම පෙන්නුම් කරයි.

මෙම අභ්‍යාසය අදියර දෙකකින් සිදු කෙරේ.

එනම් වරාය අදියර මාර්තු 28 සිට 30 දක්වා චෙන්නායි හි සහ මුහුදු අදියර මාර්තු 31 සිට අප්‍රේල් 25 දක්වා බෙංගාල බොක්කෙහි බව ඉන්දියාව පවසයි.

මෙම අභ්‍යාසයට රුසියානු සමූහාණ්ඩුවේ නාවික නෞකා වන Pechanga, Rezkiy සහ Aldar Tsydenzhapov, ඉන්දීය නාවික නෞකා Rana, Kuthar සහ සමුද්‍ර මුර සංචාර ගුවන් යානා P8l ඇතුළත් වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here