සටහන – පුලී
මැයි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා-පාකිස්තාන ගැටුමේ නවතම තොරතුරු අනුව ලෝකෙටම අඬබෙර ගසමින් පහරදීම් යට යමින් මිලිටරි පළිගැනීමේ ක්‍රම, සැඟවුණු සංඥා සහ වේගවත් ජාත්‍යන්තර මැදිහත්වීම මෙහි මාරාන්තික නිහඬ සෙවනැල්ලක් බවට පත්වීම නම් එතරම් ඇඟට ගුණ නැත.
අර්බුදය න්‍යෂ්ටික යුද්ධයක් දෙසට සර්පිලාකාරව ගමන් නොකළමුත්, මෙහි ආතතීන් කෙතරම් ඉක්මනින් එම අඳුරු සෙවනැල්ල යළි කැඳවිය හැකිද යන්න අවධානයෙන් සිටිය යුතු කරුණකි.
ලෝකයේ යුද්ධයක් ඇති වුවහොත් තුවාල පාරන්නන් වැහි වැහැලාය. යටින් ගේමක් දුන්නොත් මේ රටත් අපේ යැයි සමහරු හිතනවා වෙන්න පුළුවන.
2019 සිට 2025 කාලය හෙවත් වසර හයකට පසු, සැබෑ ලෝක ගැටුමක් ගොඩනැගී ඉකුත් සෙනසුරාදා එක්සත් ජනපදය මැදිහත් වූ සටන් විරාමයකින් පාලනය වූ ඉන්දියා පාකිස්තාන ද්වේශය පූර්ණ ගැටුමක් පිළිබඳ බියක් ඇති කිරීමට ද සමත් විය. කලාපයේ ස්ථාවරත්වය කෙතරම් බිඳෙන සුළු විය හැකිද යන්න පිළිබඳ නොසන්සුන් මතකයන් ද යන්න ද එමගින් ගම්‍ය විය.
අර්බුදය උත්සන්න වන විට, පාකිස්තාන ජාතික අණදෙන අධිකාරියේ (NCA) රැස්වීමක් නිවේදනය කළ අතර එහි න්‍යෂ්ටික හැකියාව පිළිබඳව ද ගණනය කිරීම් කර තිබේ. රටේ න්‍යෂ්ටික අවි ගබඩාව පාලනය කිරීම සහ එහි විභව භාවිතය NCA විසින් අධීක්ෂණය කරනු ලැබේ.
එය සිදු වූයේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මෙම මැඩපැවැත්වීමට මැදිහත් වූ බවට වාර්තා වන විට ය.
ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ එක්සත් ජනපදය සටන් විරාමයකට මැදිහත් වූවා පමණක් නොව, “න්‍යෂ්ටික ගැටුමක්” වීමට තිබූ හැකියාව ද වළක්වා ගත් බවකි.
න්‍යෂ්ටික තර්ජනයන්ට ඉවසීමක් නැති බවත්, ඉන්දියාව න්‍යෂ්ටික තර්ජනවලට බිය නොවනු ඇති බවත් ඉකුත් සඳුදා ජාතිය අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශයක් නිකුත් කළේය.
ඉන්දියාව සහ පාකිස්තානය යන දෙරට අතර න්‍යෂ්ටික අවි 170 ක් පමණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2024 ජනවාරි වන විට, ලොව පුරා න්‍යෂ්ටික යුධහිස් 12,121 ක් ඇති බව ඇස්තමේන්තු ගත කර තිබේ. ඉන් 9,585 ක් පමණ හමුදා ගබඩාවල තබා ඇති අතර, 3,904 ක් ක්‍රියාකාරීව යොදවා ඇතැයි පැවසේ. ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව තුළ න්‍යෂ්ටික අවි 8,000 කට වඩා ඇති බව ද සඳහන්.
ඉන්දියාව සහ පාකිස්තානය යොදවා ඇති අවි ගබඩාවලින් වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ගොඩබිම් මිසයිල හමුදාවන්හි පිහිටා ඇති බවත් දෙරටම ගොඩබිම, ගුවන සහ මුහුද හරහා තම න්‍යෂ්ටික බලය සංවර්ධනය කරමින් සිටින බවත් වාර්තා වෙයි.
Saru FM Media