ඉන්දියාව සහ තුර්කිය අතර වෙළඳාමට බාධා

0
4


දෙරට අතර වර්ධනය වූ මෑත කාලීන ගැටුමේදී පකිස්ථානයට සහය දුන් රටවලට එරෙහිව ඉන්දියාව දැඩි ස්ථාවරයක් ගන්නා බව වාර්තා වේ.

ඉන්දියාව සහ තුර්කිය අතර සබඳතා සඳහා ප්‍රශ්න ගත තත්ත්වයක් උදා වී තිබීම ඊට කදිම උදාහරණයකි.

ගැටුමේදී තුර්කිය පකිස්තානයට ඍජුව සහය පළ කළ අතර පකිස්තානය භාවිත කළ ඇතැම් ඩ්‍රෝන යානා තුර්කියේ නිෂ්පාදිත බව ද අනාවරණ විය.

ඒ අනුව පකිස්තානයට සහය දුන් තුර්කිය සහ අසර්බයිජානය සමඟ සිදු කරන ඕනෑම ආකාරයක වෙළඳ සබඳතාවක් වර්ජනය කිරීමට මධ්‍ය ප්‍රදේශ් හි ග්වාලියර් හි වෙළඳුන් තීරණය කර තිබේ.

මධ්‍ය ප්‍රදේශ්හි සමස්ත ඉන්දීය වෙළඳුන්ගේ සම්මේලනයේ සභාපති භූපේන්ද්‍ර ජේන් පැවසුවේ පකිස්ථානයට උදව් කිරීම නිසා තුර්කිය සහ අසර්බයිජානය සමඟ වෙළඳාම අවසන් කිරීමට තීරණය කර ඇති බවයි. 

තුර්කියේ සංචාරක ව්‍යාපාරයට විරුද්ධ වන අතරම තුර්කිය සමඟ ආනයන අපනයන ව්‍යාපාරයක් අවසන් කිරීමට තීරණය කර ඇති බව ද ඔහු පැවසීය.

“පකිස්ථානයට උදව් කළ රටවල් වන තුර්කියට සහ අසර්බයිජානයට පාඩමක් ඉගැන්වීමට අපි තීරණය කර තිබෙනවා. 

දෝස්ට් මෙහෙයුම හරහා අපි තුර්කියට භූමිකම්පාවේදී උදව් කළා. ඔවුන් අද අපේ සතුරාට උදව් කළා, ෂෙල් වෙඩි, ඩ්‍රෝන් සහ මිසයිල අපට එල්ල කළා,” යනුවෙන් එම වෙළඳුන් චෝදනා කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here