ඉන්දියාව-පකිස්ථානය සටන් විරාමයකට එකඟ බව ට්‍රම්ප් කියයි

0
3


සටහන: සශිකලා මධුෂාණි
මැයි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාව හා පකිස්ථානය පුර්ණ සටන් විර්මයක් වෙනුවෙන් එකඟ වී ඇති බව සිය තෘත් සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබේ.

ඉන්දියාව හා පකිස්ථානය සමඟ කරන ලද දීර්ඝ සාකච්ජාවකින් අනතුරුව දෙපාර්ශවය මේ සඳහා එකඟ වූ බව වැඩි දුරටත් හෙතෙම සඳහන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සමඟ දෙපාර්ශවයටම සුබපතා තිබේ.

පසුගිය මස කාශ්මීරයේ හින්දුන් ඉලක්ක කර ගනිමින් සිදුවූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව මේවන විට දෙපාර්ශවය විසින් දියත් කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් මිය ගොස් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here