ඉන්දියාව තුළ සිටින පාකිස්තානුවන්ට පැය 48ක් ඇතුළත ඉවත් වන ලෙසට නියෝගයක්

0
6


ඉන්දියාව තුළ රැඳී සිටින සියලු ම පාකිස්තානුවන්ට පැය 48ක් ඇතුළත එරටින් පිටව යන ලෙසට ඉන්දීය රජය දැනුම්දී තිබෙනවා.

ඒ අනුව එරට මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව තුළ සාර්ක් වීසා (දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය) මත රැඳී සිටින සියලු ම පාකිස්තානුවන්ට එරටින් බැහැර ව යන ලෙසට නියෝග කර ඇති බවයි.

වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ පකිස්ථාන ජාතිකයින්ට ඉන්දියාවට යාමට අවසර නොදෙන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

දකුණු කාෂ්මීරයේ පහල්ගම්හි පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිනකට පසු මෙම ආන්දෝලනාත්මක දැනුම්දීම සිදු කර තිබීමත් විශේෂත්වයක්.

ඊයේ (23) අගමැති නරේන්ද්‍ර මෝදිගේ සභාපතිත්වයෙන් යුත් ආරක්ෂක කටයුතු පිළිබඳ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුවේ රැස්වීමෙන් පසුව අදහස් දක්වමින් විදේශ ලේකම් විකම් මිස්රි පැවසුවේ ප්‍රහාරය පිළිබඳව කමිටුවට දැනුම් දුන් බවත්, එම කාලය තුළ එහි “දේශසීමා සම්බන්ධතා” මතු කරන ලද බවත්ය.

එමෙන්ම ඉන්දීය රජය දැනුම්දී ඇත්තේ මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ හෝ ඊට වක්‍රාකාරයෙන් හෝ උදව් සැපයූ ඕනෑම අයෙකුට හිතාගත නොහැකි අන්දමේ බැරෑරුම් ප්‍රතිඵලයක් අත්විඳීමට සිදු වනු ඇති බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here