ඉන්දියාව ගුවන් තොටුපොළ 32ක් වසා දමද්දී පාකිස්ථානය අහසම වසයි

0
2


පාකිස්ථානය සමඟ ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය හේතුවෙන් ඉන්දීය ගුවන්තොටුපළ 32ක් මේ වනවිට සිවිල් ගුවන් ගමන් සඳහා වසා දමා තිබෙනවා.

ඉන්දීය ගුවන් සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ මැයි 15 වන දින අලුයම 5.29 දක්වා මෙලෙස ගුවන්තොටුපළ වසා තබන බවයි.

රටේ උතුරු හා බටහිර ප්‍රදේශවල ගුවන් තොටුපළවල් 32 ක් මෙලෙස වසා දැමීමට කටයුතු කළ බවයි සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අද පැවසුවේ.

මීට පෙර, පාකිස්ථාන දේශසීමා වලට ආසන්නව හා ප්‍රධාන ආරක්ෂක කඳවුරු අසල පිහිටා ඇති ගුවන් තොටුපළවල් 24ක් මැයි 10 වන දින දක්වා සිවිල් ගුවන් ගමන් සඳහා වසා දමා තිබුණා.

කෙසේ වෙතත් පසුව එය මැයි 15 දක්වා දීර්ඝ කිරීමටයි කටයුතු කළේ.

මේ අතර අද අලුයම 3.15 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ සියලුම ගුවන්ගමන් සඳහා පාකිස්ථානය සිය ගුවන් කලාපය වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

රාවල්පින්ඩි හි නූර් ඛාන් ගුවන් කඳවුර අසල සහ ලාහෝර් හි ස්ථාන කිහිපයක ඊයේ (09) සවස් කාලයේ පිපිරීම් වාර්තාවීමත් සමඟ පාකිස්ථානය මෙලෙස සිට ගුවන් කලාපය වසා දැමීමටයි කටයුතු කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here