සටහන: සශිකලා මධුෂාණි
මැයි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(07)අලුයම ඉන්දියාව විසින් පාකිස්තානයේ ත්‍රස්තවාදී ඉලක්ක නවයක් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් දරුවකුද ඇතුළුව පුද්ගලයා 8 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව, පාකිස්තානයේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන පන්ජාබ් හි බහවල්පූර් නගරයේ මුස්ලිම් පල්ලියක්, පන්ජාබ් හි මුරිඩ්කේ සහ පකිස්තාන පාලිත කාශ්මීරයේ කොට්ලි හි ත්‍රස්තවාදී යටිතල පහසුකම් ඉලක්ක වෙත මිසයිල දියත් කර ඇති අතර ප්‍රහාරයෙන් අනතුරුව කාශ්මීරයේ පාලන රේඛාව හරහා ඉන්දියා හා පාකිස්තානු හමුදා අතර කාල තුවක්කු වෙඩි ප්‍රහාර මාලාවක් ද සිදුව ඇත.
මේ සම්බන්ධයෙන් අද උදෑසන ජාතික ආරක්ෂක කමිටුව රැස් කරමින් පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සඳහන් කර තිබුණේ, ඉන්දියාව විසින් පනවන ලද මෙම යුද ක්‍රියාවට බලහත්කාරයෙන් ප්‍රතිචාර දැක්වීමට පකිස්ථානයට සෑම අයිතියක්ම ඇති අතර, බලගතු ප්‍රතිචාරයක් ලබා දෙනු ඇති බවයි. එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පකිස්ථාන හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්‍රි පැවසුවේ ඉන්දියාවේ ප්‍රහාර දරුණු ප්‍රකෝප කිරීමක්බවත්, සිය හමුදා අවම වශයෙන් ඉන්දීය ගුවන් හමුදා ජෙට් යානා දෙකක් වෙඩි තබා බිම හෙළා ඇති බවත්ය.
කෙසේ නමුත් මේ වන විට ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසක් පකිස්ථානයට ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර එයාර් ඉන්දියා නිවේදනය කර තිබුණේ, ජම්මු, ශ්‍රීනගර්, ලේ, ජෝද්පූර්, අම්රිත්සර්, බුජ්, ජම්නගර්, චන්දිගාර් සහ රාජ්කොට් වෙත සහ ඉන් පිටතට ගුවන් ගමන් බදාදා මධ්‍යම රාත්‍රිය දක්වා අවලංගු කළ බවයි.
Saru FM Media