ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ.
අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇතැයිද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වේ.
මෙම නිතිවිරෝධී පතල ප්‍රාන්ත අගනුවර වන ෂිලොන්ග් සිට කිලෝමිටර් 72ක් දුරින් පිහිටි වනාන්තර ප්‍රදේශයක පිහිටා ඇත.
කෙසේ නමුත් මෙම පතල ක්‍රියාත්මක කළ පුද්ගලයින් මෙතෙක් ඉන්දිය පොලීසිය විසින් හඳුනාගෙන නොමැති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කරන බවද ඉන්දිය පොලීසිය සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් මේඝාලය ප්‍රධාන අමාත්‍ය කොන්රාඩ් සංග්මා නිවේදනය කර ඇත්තේද මෙම සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වෙත දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවය.
මේ අතර සිද්ධිය සම්බන්ධව අවධානය යොමු කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මියගිය පුද්ගලයින් සහ තුවාල ලැබූවන් සහ මූල්‍යාධාරයක් පිරි නැමීමටද තීරණය කර තිබේ.
ඒ අනුව මියගිය පුද්ගලයින් සඳහා ඉන්දිය රුපියල් ලක්ෂ 2ක සහ තුවාල ලැබූවන් සඳහා ඉන්දිය රුපියල් 50,000ක මූල්‍යාධාරයක්ද ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දන්වා තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ දැඩි පාරිසරික හානිය, භූගත ජලය දූෂණය වීම සහ මිනිස් ජීවිතයට බරපතළ අවදානම් ඇති බැවින් ඉන්දීය ජාතික හරිත විනිශ්චය සභාව විසින් 2014දී මේඝාලයේ මෙම නීති විරෝධී කැණීම් තහනම් කර ඇති බවය.
කෙසේ නමුත් තහනම නොතකා බොහෝ ප්‍රදේශවල මෙම නීති විරෝධි කැණීම් සිදුව ඇති අතර මේ හේතුවෙන් මාරාන්තික අනතුරු කිහිපයක්ද පසුගිය කාලය තුළ වාර්තා වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
Saru News










