ඉන්දියාවේ නවදිල්ලි නුවරදි Honduras රාජ්‍යය සිය තානාපති කාර්යාලය නිල වශයෙන් විවෘත කරයි!

0
3


රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

ඉන්දියාවේ නවදිල්ලි නුවරදි Honduras රාජ්‍යය සිය තානාපති කාර්යාලය නිල වශයෙන් විවෘත කර තිබේ. එම අවස්ථාව සඳහා හින්ඩුරාස් හි විදේශ අමාත්‍ය එඩ්වාඩෝ එන්රික් රෙයිනා ගාර්ෂියා පැමිණ සිටි බව වාර්තා වේ.

එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසුවේ හොන්ඩුරාස් හි විදේශ අමාත්‍ය එඩ්වාඩෝ එන්රික් රෙයිනා හමුවීමට ලැබීම සතුටට කරුණක් බවයි.එමෙන්ම හොන්ඩුරාස් සිය තානාපති කාර්යාලය නවදිල්ලියේ විවෘත කිරීම දෙරටේ වර්ධනය වන හවුල්කාරිත්වයේ ප්‍රබල සංඥාවක් බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

ඉන්දියාව හොන්ඩුරාස් සමඟ ඇති සබඳතාව අගය කරන අතර අංශ හරහා සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය. තානාපති කාර්යාලය විවෘත කිරීම ගෝලීය දකුණේ හඬක් වන ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට හොන්ඩුරාස් හි කැපවීමේ ප්‍රබල ප්‍රකාශනයක් බව අමාත්‍ය ජයිශංකර් වැඩිදුරටත් පැවසුවේය.

හොන්ඩුරාස් යනු සාධාරණ ගෝලීය සංවර්ධනය සහ තිරසාර වර්ධනය ඇතුළුව ඉන්දියාවේ ප්‍රමුඛතා බොහොමයක් බෙදා ගන්නා කලාපීය සමූහයක් වන ලතින් ඇමරිකානු සහ කැරිබියන් ජනපද ප්‍රජාවේ සාමාජිකයෙක්ද වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here