ඉන්දියාවේ දරුණුතම මනෝ ව්‍යාධිකයා ගැන අහල තියෙනවද?

0
12


මේ කතාව පටන්ගන්නෙ 2024 නොවැම්බර් 14 වෙනිදා දවසෙන්.

අපි මේ කියන්න යන කතාව වෙන්නෙ ඉන්දියාවෙ ගුජරාටි ප්‍රාන්තයේ ගමක. මේ දවස ඒ ගමේ උන්න අනිත් හැම කෙනාටම ඉතාම සාමාන්‍ය දවසක් වුනත් එක පවුලක අම්මයි තාත්තයි ඉන්නෙ ටිකක් කලබල වෙලා. මොකද අතිරේක පංතියකට සහභාගි වෙන්න ගෙදරින් පිටවෙච්ච, මේ වෙද්දි ගෙදර ඇවිත් ඉන්න ඕන තමන්ගෙ දරුවා, අවුරුදු 19ක් වෙන තමන්ගෙ දුව තාම ගෙදර ඇවිල්ල නැති හන්දා.

මේ ගෑණු ලමයට දැනටමත් දරුණු දෙයක් වෙලා තියෙනවා කියන එක ඔයාලා තේරුම් අරගෙන ඇති. ඒ දරුණු දේ කොච්චරද කියනවනම් ගුජරාටි පොලිසිය මේ ළමයගෙ නමවත් වෙනත් පෞද්ගලික තොරතුරක්වත් හෙලිකරන්න කැමතිවෙන්නෙ නෑ. ඒ නිසා අපි එයාට අන්වර්ත නාමයකින් කතා කරමු දේවි කියලා.

දේවි වෙනදට ගෙදර එද්දි හවස හය හමාර විතර වෙනවා. අද හත වෙනකනුත් එයා එන්නෙ නැති හන්ද තමයි අම්මා දේවිගෙ ෆෝන් එකට කෝල් එකක් ගත්තට ෆෝන් එක වැඩ කරන්නෙ නෑ. ඉතින් මේක නිසා තව කලබල වෙන දේවිගෙ අම්මල දේවි එක්කම ක්ලාස් ගිය දේවිගෙ යාලුවන්ට කතා කරාම එයාලා කියනවා “දේවි අපි එක්කම ක්ලස් ඇරිලා කෝච්චියෙ ආවා” කියලා.

දේවි කෝච්චියෙන් ගමට ඇවිල්ල එතනින් බැස්සට පස්සෙ තව ටික දුරක් පයින් ඇවිදගෙන එන්න තියෙනව. මේ දුර එද්දිත් දේවි ෆෝන් එකෙන් යාලුවො එක්ක කෝල් එකක තමයි ඉඳල තියෙන්නෙ. හැබැයි එකපාරම එයා කලබලෙන් වගේ ෆෝන් එක කට් කරලා තියෙනවා කියන එක අම්මල යාලුවන්ගෙන් දැනගන්නවා.

යාලුවො ඊටපස්සෙ කෝල් කරත් දේවිගෙ ෆෝන් එක වැඩ කරන්නෙ නෑ. මේක ඇහුවම තමයි අම්මල හිතන්නෙ දේවිට මොකක් හරි කරදරයක් වෙලා තියෙනවා කියලා. මේනිසාම අම්මල තාත්තල අසල්වැසියො එකතුවෙලා දේවි තනියෙන් එන්න ඕන පාරෙ ඉඩකඩ ටික පරීක්ශා කරනවා. මෙහෙම හොයද්දි තමයි එයාලට පාරෙ වැටිලා තියෙන දේවිගෙ එක සෙරෙප්පුවක් පේන්නෙ. සාමාන්‍යයෙන් කෙනෙක් කරදරයක්, ප්‍රශ්නයක් නෙවෙයි නම් මෙහෙම එක සෙරෙප්පුවක් විතරක් ගලවල දාලා කොහෙටවත් යන්නෙ නැති හන්දා කට්ටියට හිතෙන්න ගන්නවා මොකක් හරි කරදරයක් මෙතන වෙලා තියෙනවා කියන එක.

මේ පාර ලඟින්ම යන්න තියෙන අඳුරු, පාලු පාරක් තියෙනව ලොකු අඹ වත්තක් තියෙනව. මේ මිනිස්සු දේවිව හොය හොය ඒ පාරෙ යද්දිත් එයාලා දකිනවා අඹ වත්තෙ ගහක් යට දේවි වැටිලා ඉන්නවා.

හැබැයි ඒ විදියට එයාලට හම්බුවෙන්නෙ පන තියෙන දේවි කෙනෙක්ව නෙවෙයි. මියගිය දේවි කෙනෙක්ව.

මෙයාලා මේ ගැන ඉක්මනින්ම පොලිසියට කියනවා. ඒ අනුව පොලිසිය විමර්ශනය පටන් ගන්නවා. දේවිගෙ පන නැති ශරීරය මරණ පරීක්ෂණේට යනවා. ඒ මරන පරීක්ෂණ වාර්තාව මුලු ගුජරාට් ප්‍රාන්තෙම බය ගන්නන, පුදුම කරවන විදියෙ කතාවක් තමයි කියන්නෙ.

පොලිසිය මේ දේවි වැටිල උන්න තැන පරීක්ෂා කරද්දි එතනට ගමේ ඉන්න ගොඩක් මිනිස්සු එක්කහු වෙනවා. පරීක්ෂන කරගෙන යද්දි පොලිසියට දේවි වැටිලා උන්න තැනට එහයින් දේවිට අයිති නැති බෑග් එකක් හොයාගන්න පුලුවන් වෙනවා. ඒ බෑග් එක දේවිගෙ නෙවෙයි කියලා දැනගත්තම පොලිසිය ඒකත් සාක්කියක් විදියට එකතුකරගන්නවා.

ඒ වගේම දේවිගෙ ශරීරය වැටිලා තිබුන තැන තියල මෙයාලට කලුයි සුදුයි ශර්ට් එකක් හම්බෙනවා. පොලිසිය ඒකත් එකතු කරගන්නවා සාක්කියක් විදියට. කොහොමහරි මේව දකින මේ සෙනග අතරට එකතුවෙලා ඉන්න කෙනෙක් හොඳටම බයෙන් තමයි ඉන්නෙ.මිනිහට දාඩිය දාන්න පටන් ගන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඒ තමයි දේවිව මෙහෙම මරලා දාපු කෙනා.

මෙතනදි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දේවිව මරලා දාපු මනුස්සයා පොලිසිය තමන් ගැන හෝඩුවාවල් හොය හොය ඉන්න තැනකට ආවෙ ඇයිද කියන එක. ඒ උනාට එතන ඉන්න කාටවත් නොතේරෙන්න මිනිහට එතනින් මාරුවෙලා යන්න පුලුවන්කම තියෙනවා.

මරණ පරීක්ෂන වාර්තාවට අනුව මේ මනුස්සය දේවිව මරලා දාලා තියෙන්නෙ හුස්ම හිර කරලා. ඒ විතරක් නෙවෙයි එයා දේවිව මරන්න කලින් දේවිට හොඳටම පහරදීලත් තියෙනවා. ඒ වගේම මරන්න කලින් වගේම මැරුවට පස්සෙ මේ මනුස්සය දේවිව දූශනය කරලත් තියෙනවා.

මිනීමරුව ගැන විස්තරයක් හොයාගන්න බලාපොරොත්තුවෙන් දේවිගෙ මල සිරුර ලඟ තිබිල හොයාගත්ත බෑග් එක චෙක් කරනවා. ඒ බෑග් එකේ තියෙන්නෙ කලිසම් දෙකක්, ශර්ට් තුනක් සහ ෆෝන් චාජර් එකක්. පොලිසිය මෙතනදි සැක කරනවා මේ බෑග් එක අයිති දේවිව මරපු මනුස්සයටම වෙන්නැති කියලා. ඒ වගේම මේ මනුස්සයා පිටස්තර කෙනෙක් කියන එකත් පොලිසිය නිගමනයකට එනවා. මොකද බෑග් එකේ තිබිලා හම්බුන දේවල් කෙනෙක් ගමනක් යද්දි අරගෙන යන දේවල් නිසා.

මෙහෙම ඉද්දි පොලිසියට හොයාගන්න පුලුවන් වෙනවා මේ බෑග් එකෙ තිබිලා හොයාගත්ත ශර්ට් එකක් ඇඳගත්ත මනුස්සයෙක් ගුජරාටි ස්ටේශන් එකේ ඉන්නවා කියලා. හැබැයි මේ සීසීටීවී දර්ශනයේ ඒ මනුස්සයගෙ මූන නම් පේන්නෙ නෑ.හැබැයි පොලිසිය තමන්ගෙ වැඩේ නතරවෙන්නෙ නැ. පොලිසිය මීට කලින් තියෙන ස්ටේශන් වලත් සීසීටීවි කැමරා දර්ශන අරගෙන බලනවා. එහෙම දර්ශන 2000ක් විතර ලැබෙනවා. මෙයින් එක වීඩියෝ එකක ඒ මනුස්සයගෙ මූණ පැහැදිලිව පේනවා වගේම එයාගෙ වම් කකුලෙ කොරයක් වගේ දෙයක් තියෙනවා කියන එක පොලිසිය දකිනවා.

මේ සාක්කි එක්ක පොලිසිය අනික් හැම පොලිසියකටම මේ ගැන දැනුම් දීලා මේ මනුස්සයා ගැන විස්තරයක් හොයාගන්න පුලුවන් ද බලනවා. මේ විදියට විමර්ශනය කෙරීගෙන යද්දි දේවි මැරිලා දවස් පහකට පස්සෙ තවත් දරුණු සිදුවීමක් වෙනවා. ඒ බටහිර බෙංගාලයේ කතිහාර් කියන පැත්තෙ අධිවේගී කෝච්චියක් ඇතුලෙ තිබිලා මැදි වයසෙ මනුස්සයෙක්ගෙ මල සිරුරක් හම්බෙනවා. මේ මනුස්සය තබ්ලා වාදකයෙක් කියන එක වගේම මෙය කෝච්චිවල සින්දු කිය කිය යන කෙනෙක් කියන එක පොලිසියට හොයාගන්න පුලුවන් වෙනවා.

මෙයාගෙ නම සෞමිත්‍ර චැටර්ජි. මෙයා ආබාධිත කෙනෙක්. ඉන්දියාවෙ ආබාධිත අය වෙනුවෙන් වෙන් කරල තියෙන කෝච්චි පෙට්ටියක තිබිලා තමයි මෙයාගෙ මල සිරුර හම්බුවෙන්නෙ.ෙයා ලඟ තියෙන්න පුලුවන් කියල හිතන ෆෝන් එක සහ පර්ස් එක අතුරුදහන් වෙලා තියෙන නිසා පොලිසිය හිතනවා මේක මංකොල්ලකෑමක් නිසා කරපු මිනීමැරුමක් වෙන්න ඇති කියලා.

හැබැයි පොලිසිය මේ මිනිමැරුම කල කෙනාම තමයි ෆෝන් එකත් හොරකම් කරගෙන යන්න ඇති කියල හිතලා චැටර්ජිගෙ ෆෝන් එක දැන් තියෙන්නෙ කොහෙද කියන එක බලනවා. ඒ අනුව පොලිසියට හොයාගන්න පුලුවන් වෙනවා මේ ෆෝන් එක දැන් තියෙන්නෙ තමිල්නාඩුවේ සේලම් කියන ප්‍රදේශයේ කියලා.

මේ කේස් එක ගැන හොයාගෙන යද්දි දේවිගෙ අපරාධයේ විමර්ශන කටයුතුත් කෙරීගෙන යනවා. ඒ අපරාධයට අදාල අපරාධකරුගෙ මූණ දැන් අඳුරන නිසා පොලිසියට එයා ගැන විස්තර හොයන එක ලේසි වෙනවා. ඒ අනුව පොලිසිය දැනගන්නවා මීට මාස් අකීපෙකට කලින් මේ අපරාධකාරයා, එයාගෙ නම රාහුල්, ව්‍යස අවුරුදු තිහයි, සූරත් කියන බන්ධනාගාරෙ ඉඳල තියෙනවා කියන එක. ඒ අනුව පොලිසිය එතනින් මේ රාහුල් ගැන තව විස්තර හොයන්න පටන් ගන්නවා. මෙහෙම ඉද්දි ත්ව දරුණු සිදුවීමක් ආරංචි වෙනව. ඒක වෙන්නෙත් කෝච්චියකදි. කෝච්චි පෙට්ටියක් ඇතුලෙ අවුරුදු 46ක් වගේ වයස වෙන රමනම්මා කියන කාන්තාව මේ විදියට මරලා දාලා ඒ මනුස්සයගෙත් ෆෝන් එක, රත්‍රන් බඩු එහෙමත් හොරකම් කරලා තියෙනවා. පොලිසිය රමනම්මාගෙ කෝච්චි ටිකට් එක පරික්ශා කරද්දි එයාලා දකිනවා ඒක සාමාන්‍ය කෝච්චි පෙට්ටියක ටිකක් එකක් කියන එක.

ඒ උනාට මේ රමනම්මාගෙ මල සිරුර හම්බුවෙන්න ආබාධිත අය වෙනුවෙන් වෙන් කල කෝච්චි පෙට්ටියක් ඇතුලෙ තිබිලා. අපරාධකරු මේ රමනම්මාව මරලා එයාව මේ කෝච්චි පෙට්ටියට ගෙනත් දැම්මද එහෙම නැත්තම් අපරාධකරු ආබාධිත කෙනෙක්ද කියන ගැටලුව පොලිසියට එනවා.

දේවිගේ අපරාධ පරීක්ෂනය කරගෙන යද්දි පොලිසියට පුලුවන් වෙනවා රාහුල්ව අල්ලගන්න. ඒ දුම්රිය ස්තානයක ඉඳලා.  පොලිසිය රාහුල්ව පොලිසියට අරගෙන ඇවිල්ලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මෙතනදි රාහුල් පාපොච්චාරණය කරනවා දේවි, චැටර්ජි සහ රමනම්මා කියන තුන්දෙනාවම මරල දැම්මෙ තමන් තමයි කියන එක.

බාලුකර්මවින් ඊශ්වර් ජැට් තමයි රාහුල්ගෙ ඇත්ත නම. හැබැයි එයාට පොඩිකාලෙ ඉඳලම කට්ටිය කතා කරල තියෙන්නෙ රාහුල් කියලා. වයස අවුරුදු පහේදි එයාට පෝලියෝ හැදෙනවා. ඒ නිසා එයාගෙ වම් කකුලෙ ප්‍රශ්නයක් එනවා. කට්ටිය එයාට විහිලු කරන නිසා මේක ගැන කිය කිය මෙයා ඉස්කෝලේ යන එක පහ වසරෙන් නතරවෙනවා. ටික ටික ලොකුවෙන රාහුල්ට ඕන වෙන්නෙ ලොරි ඩ්‍රයිවින් රස්සාවක් කරන්න. හැබැයි ඒ හීනෙ හැබෑකරගන්න බැරි වෙන තරහට එයා ලොරි හොරකම් කරන්න පටන් ගන්නවා. හැබැයි මේක ගොඩක් කාලයක් කරන්න බැරිවෙන්නෙ මිනිහව පොලිසියට අහුවෙලා හිරේට යන නිසා. එතනදි මෙයාට එක එක විදියෙ අපරාධකාරයන්ව හම්බුවෙනවා. එතනදි තමයි රාහුල්ගෙ ඇඟ ඇතුලෙ හිරවෙලා ඉන්න දරුණු යක්ශයව රාහුල්ටත් අඳුරගන්න පුලුවන් වෙන්නෙ.

හිරෙන් නිදහස් වෙලා රාහුල් තෙලංගනා ප්‍රාන්තෙට යන්න කෝච්චියට නගිනවා. ඒකත් ආබාධිත මිනිස්සු ඉන්න පෙට්ටියකට. හැබැයි එදා ඒ කෝච්චි පෙට්ටියේ ඉන්නෙ තව එක කාන්තාවක් විතරයි. රාහුල් කරන්නෙ මේ ගෑණු කෙනා එක්ක කතා කරන මුවාවෙන් එයා ලඟට ගිහිල්ලා සිහිය නැතිවෙන්න එයාට පහර දීලා මරලා දාලා දූශනය කරලා ඒ මනුස්සයගෙ සල්ලි, රත්තරන් බඩු එහෙම හොරකම් කරගෙන යනවා.

ඒ වගේම පොලිසිය මෙතනදි දැනගන්නවා රාහුල් මෙ අපරාධ පටන් අරගෙන තියෙන්නෙ සෑහෙන කාලකට කලින් කියන එක. මේ විදියට රාහුල් කෝච්චිවල ආබාධිත අය වෙනුවෙන් වෙන් කරලා තියෙන පෙට්ටිවලට නැගලා එක එක මිනිස්සුන්ව මරලා දාලා තියෙනවා. ඊටපස්සෙ ඒ මීනිස්සු ලඟ තියෙන වටින කියන දේවල් හොරකම් කරලා තියෙනවා. මේ විදියට එහෙ මෙහෙ යන ගමන් අපරාධ කර කර උන්නු රාහුල්ට දේවිව දකින්න ලැබෙන්නෙ ගුජරාටි ස්ටේශන් එකේදි.

දේවිව දකින රාහුල්ගෙ හිතේ දේවි ගැන විකෘති ලිංගික ආශාවක් ඇතිවෙලා රාහුල් එයා ගෙ පිටිපස්සෙන් ගියත් ෆෝන් එකෙන් යාලුවො එක්ක කතා කර කර උන්නු දේවි ඒක දැකලා නෑ. දේවිගෙ පිටිපස්සෙන් ගිහින් එයාගෙ ඔලුවට ගලකින් ගහලා සිහි නැති කරලා තමයි එයාව දූශණය කරලා, මරලා දාලා තියෙන්නෙ.

මහන්සි දැනිච්ච හන්දා ආපහු ස්ටේශන් එකට ඇවිත් බීම බීලා රාහුල් ආයෙ ප්ලෑන් කරලා තියෙන්නෙ ගිහිල්ලා දේවිව ආයෙම වතාවක් දූශණය කරන්න. ඒ වගේම තමන් එතන දාලා ආව තමන්ගෙ බෑග් එක අරගන්න. පාලු පැත්තක් නිසා කවුරුවත් එන්නෙ නැතිවෙයි කියලා හිතුවට ඒ යද්දි පොලිසිය සහ අසල්වැසියො එතනට එකතුවෙලා උන්නු නිසා තමයි රාහුල් එතනින් මාරුවෙලා ගිහින් තියෙන්නෙ.

රාහුල් මේ මුලු කතාව පොලිසියෙදි පාපොච්චාරණය කරනවා. රාහුල් එක මාසයක් ඇතුලෙ මිනීමැරුම් පහක් කරලා තියෙනව කියන එක මෙතනදි පොලිසියට හොයාගන්න පුලුවන් වෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here