ඉන්දියාවේ කොල්කටා සිට චීනයේ ගුවැන්ෂු දක්වා සෘජු ගුවන් ගමන් නැවත අරඹයි

0
1

වසර 5කට පසුව ඉන්දියාවේ කොල්කටා සිට චීනයේ ගුවැන්ෂු නගරය දක්වා සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කර තිබේ.

කොරෝනා වෛරස් වසංගත තත්ත්වයත් සමග දෙරට අතර සෘජු ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීන් තීරණය කර තිබුණි.

ඒ අනුව යළි ගුවන් ගමන් ආරම්භ කරමින් මගීන් 176 දෙනෙකු රැගත් ඉන්ඩිගෝ පුද්ගලික ගුවන් සේවයේ යානයක් ගමන් කර ඇති බව සදහන් වේ.

මෙමගින් ඉන්දියාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව දෙරටේ බලධාරීන් ප්‍රකාශ කර ඇත.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here