ඉන්දියාවෙන් රුපියල් කෝටි 200ක දැවැන්ත ආයෝජනයක්! Sri Lanka Latest News

0
6


ඉන්දියාවේ විශාලතම සහ ප්‍රධානතම රක්ෂණ සමාගම වශයෙන් සැලකෙන ‘ලයිෆ් ඉන්ෂුවරන්ස් කෝර්පරේෂන් (Life Insurance Corporation of India) නොහොත් LIC සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ රුපියල් මිලියන 2000ක සුවිශාල විදේශ මූල්‍යමය ආයෝජනයක් සිදුකිරීමට තීරණය කර ඇත. Sri Lanka Latest News

ඔවුන් මෙම ආයෝජනය සිදුකරනු ලබන්නේ එම සමාගමේ ශ්‍රී ලංකා ශාඛාව වන LIC (LANKA) LTD වෙනුවෙනි. දැනට වසර 23ක ඉතිහාසක් ඇති මෙම ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් කටයුතු වඩාත් පුළුල් කිරීම සඳහා මෙම සුවිශේෂ ආයෝජනය සිදුකෙයෙි. දැනට ශ්‍රී ලංකා සමාගම සතුව දිවයින පුරා ශාඛා 24කින් සමන්විත ජාලයක් ඇති අතර, ඉදිරියේදී එම ජාලය තවත් ව්‍යාප්ත කෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ ජනතාවට ජීවිත රක්ෂන සහ අනෙකුත් මූල්‍ය ආවරණයන්රැසක් මෙම සමාගම විසින් සපයනු ලබයි.

LIC (LANKA) LTD සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිය ලෙස සී.ආර්. ප්‍රමිලා මහත්මිය පත්කර ඇ. මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ LIC (LANKA) LTD සමාගම යනු 97%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියානු රජය සතු සමාගමක් බමය. එසේම එම මවු සමාගම විසින් මෙරට තුළ මෙතරම් විදේශ ආයෝජනයක් සිදුකිරීම ගැන තමා ඉන්දීය රජයට ස්තුතිවන්ත වන බැව් පැවැසුවාය. ශ්‍රී ලංකා සමාගමේ දැක්ම සහ උපාය මාර්ග කෙරෙහි මෙලෙස විශ්වාසයක් තබා ඉන්දීය රජය ආයෝජනය සිදුකර ඇතැයි ඇය වැඩිදුරටත් අවදාරණය කළාය. ශ්‍රී ලංකාව විදේශ ආයෝජන බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවකදී මෙම පියවර ගැනීම ගැන තමා සතුටු වන බවද සී.ආර්. ප්‍රමිලා මහත්මිය පැවැසුවාය.

ඉන්දියාවේ LIC (India) ltd සමාගම යනු ඉන්දියාවේ විශාලතම රක්ෂණ සමාගම වන අතර, ගෝලීය වශයෙන් තෙවැනි ස්ථානයේ ඇති සමාගම වශයෙන්ද සැලකෙයි. එසේම 2024 වසර වනවිටදී එම සමාගමේ සම්පූර්ණ මූල්‍ය වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 680ක් ලෙස සැලකෙයි. මෙය අතිවිශාල වාර්තාගත මූල්‍ය වත්කමක් ලෙස සැලකිය හැකිය.

ප්‍රියන්ත හෙට්ටිගේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here