ඉන්දියාවෙන් නවසීලන්තයට දැවැන්ත ඉලක්කයක්

0
6

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නවසීලන්තයට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස්කිරීමට අද (08)  අහ්මදාබාද්හිදී සමත් විය.

ඉන්දියාව රැස්කළ ලකුණු සංඛ්‍යව සැලකෙන්නේ විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහා තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.

නවසීලන්ත පන්දුයවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගත් පඉන්දීය පිතිකරු යුගලය වූ සංජු සැම්සන් හා අභිෂේක් ශර්මා පළමු කඩුල්ලට පන්දුවාර 7.1කදී ලකුණු 98ක සබඳතාවක් පැවැත්වූහ.

එසේම ශිවාම් ඩූබේ ද අවසන් පන්දුවාරයේ දියත්කළ ප්‍රහාරයත් සමග ඉන්දීය ඉනිම ලකුණු 255ක් දක්වා රැගෙන යාමට හැකිවිය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here