ඉන්දියාවයි පාකිස්තානයයි යුද්ධයකට තල්ලු කරපු කාශ්මීර වෙඩික්කරුවන් 6 දෙනා ශ්‍රී ලන්කන් යානයකින් ලංකාවට පැන්නාද? බුද්ධි තොරතුරකින් කටුනායක රත්වෙයි! ආරක්ෂාව තර කරයි!  I Sri Lanka Latest News

0
5


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මේ වනවිට විශේෂ පරික්ෂාවක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News

පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, කාශ්මිර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ 06 දෙනෙකු ඉන්දියාවේ චෙන්නායි සිට ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරක් එම පරික්ෂාව කරන බවයි.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් මෙරටට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

පොලීසිය , ගුවන් හමුදාව සහ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ ඒකාබද්ධව එම මෙහෙයුම ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here