ඉන්දියාවට ලකුණු 147ක ඉලක්කයක්

0
2

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19.1කදී සියලුදෙනා දැවී ලකුණු 146ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ආසියානු ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ඉන්දියාවට ලකුණු 147ක ඉලක්කයක් හිමිවිය.

පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් රැගෙන ඒමට සහිබ්සාඩා ෆර්හාන් හා ෆකර් සමාන් සමත් වූ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 58කදී ලකුණු 84ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් එහිදී පන්දු 38කින් ලකුණු 57ක් රැස්කළ ෆර්හාන් දැවීයාමත් සමග පාකිස්තාන ඉනිමේ කඩාවැටීමට ආරම්භ විය.

එතැන් සිට ලකුණු 62ක් තුළ පාකිස්තාන සියලුම පිතිකරුවන් දැවී ගියේය.

පාකිස්තානය ඉනිමේ පළමු පන්දුවාර 10 අවසන් වනවිට ලකුණු පුවරුව 87/1ක් ලෙස සටහන් වූ අතර, අවසන් පන්දුවාර 9.1කදී එය සටහන් වූයේ 59/9ක් ලෙසය.

පාකිස්තාන පිතිකරුවන් අසරණ කළ පන්දු යැවීමක නිතර වූ කුල්දීප් යාදව් ලකුණු 30කට කඩුලු 4ක් දවාගත්තේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here