ඉන්දියාවට යැවූ ගල්අඟුරු සාම්පලවල ප්‍රමිතියේ අඩුවක්

0
9

සමාජයේ කතාබහට ලක්ව තිබෙන ගල්අඟුරු තොගයට අදාළව ඉන්දියාවට යැවූ සාම්පලවල අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් ඇතිබව තහවුරු වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඒ අනුව අදාළ සමාගමෙන් දඩ අයකර ගැනීමට කටයුතු කරන බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස,

“ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. පළමු මෙ.ටො. 60,000 මෙරටට ගෙන්වූ පසු ගල්අඟුරු සමාගම විසින් ඉන්දියාව යවා සිදුකළ සාම්පල පරීක්ෂාවේ දී එහි අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් හඳුනාගත්තා. ඒ නිසා දඩ අය කරනවා. දෙගුණයක දඩයක් නියම වෙනවා. 

ලංකාවට ගොඩබෑවට පස්සේ සිදුකරන සාම්පල පරීක්ෂාවේ දී ප්‍රමිතිය නැත්නම්, අනිවාර්යයෙන් අදාළ කොටසට දඩ ගෙවන්න වෙනවා” යැයි පැවසීය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී.චානක මහතා පසුගියදා පාරිලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here