මලයගම් ප්‍රජාවට නිවාස ලබාදීමේ ඉන්දියානු නිවාස යෝජනාවලිය සහ වතු ආශ්‍රිත පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර (smart classroom) ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී රජයේ කාර්යක්ෂමතාව සිය සතුටට කරුණක් බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා පවසනවා.
ඉන්දීය මහ කොමසාරිස් මේ බව කියා සිටියේ ඊයේ (08) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යා සමන්ත විද්‍යාරත්න මහතා සමග විශේෂ හමුවකට එක් වෙමින්.
මේ රජය ජනතා රජයක් ලෙස ප්‍රචලිත වී තිබෙන බවත් ඒ නිසාම ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමත් ඔවුන්ට සහන ලබා දීමත් සිදු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් මහ කොමසාරිස්වරයා එහිදී සඳහන් කළා.
පසුගියදා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීමත් සමග දෙරට අතර පැවති සබඳතාව තවදුරටත් ශක්තිමත් වූ බවත්, ශ්‍රී ලාංකිකයන් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ පැමිණි කාර්ය මණ්ඩලයට සිදු කරන ලද ආගන්තුක සත්කාරවලට විශේෂ ස්තුතියක් ද එහිදී මහ කොමසාරිස්වරයා විසින් පුද කෙරුණා.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් කාර්ය මණ්ඩල නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි වුණා.
Saru FM Media