ඉන්දියානු ආධාර අරන් මියන්මාරයට නැවක් එයි

0
9


පසුගියදා මියන්මාරයට බලපෑ ප්‍රබල ද්විත්ව භූ කම්පනවලින් අවතැන් වූවන්ට සහන සැලසීමට ඉන්දීය නෞකාවක් මියන්මාරයට ගොස් තිබෙනවා.

ඉන්දියානු නාවික හමුදාවේ INS සත්පුර සහ INS සාවිත්‍රි නෞකාවන්, ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සඳහා ටොන් 50කට අධික සහන ද්‍රව්‍ය රැගෙන යැන්ගොන් වෙත පැමිණියා.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් X සටහනක් තබමින් පැවසුවේ සිය රාජ්‍යයෙන් එවූ නෞකා ද්විත්වයම අද දිනයේ දී මියන්මාරයේ යැන්ගොන් වෙත පැමිණ බවත්, බ්‍රහ්ම මෙහෙයුම යටතේ මෙම මානුෂීය ආධාර සැපයීම සිදු කරන බවයි.

බ්‍රහ්ම මෙහෙයුම යටතේ ඉන්දියාව මියන්මාරයට මෙට්‍රික් ටොන් 625ක මානුෂීය ආධාර ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මාර්තු 28 වන දින මියන්මාරයට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් පසු, සෙවීම් සහ මුදාගැනීම් (SAR), මානුෂීය ආධාර, ආපදා සහන සහ වෛද්‍ය ආධාර ඇතුළු අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඉන්දියාව බ්‍රහ්ම මෙහෙයුම දියත් කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here