ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයේ රථ වාහන සැලැස්ම සම්බන්ධව,
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් මස 04 වන දින ආරම්භ විය.
ඒ අනුව මෙම සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර මාර්ගයන් වසා තැබෙන කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග මහජනතාවට සහ රියැදුරන්ට භාවිතා කළ හැක.
2025.04.05 වන දින ගාලු මුව දොර සිට නිදහස් චතුරශය දක්වා ගමන් කිරීම. මාර්ගය වසා තැබීම සම්බන්ධව,
ගාලු මුව දොර සිට නිදහස් චතුරශ්‍රය දක්වා ගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ගමන් කිරීමට නියමිත අතර පැය 0800 සිට ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණෙන තුරු ගාලු මුවදොර වටරවුම, ගාලු පාර කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස නදිය මාකස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, ඇල්බට් ක්‍රසන්ට්, නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් මාවත, නිදහස් වටරවුම් නිදහස් චතුරශ්‍රය දක්වා මාර්ගයන් වසා තැබෙන අතර එම කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කළ හැක.
විකල්ප මාර්ග
2025.04.05 වන දින ගාලු මුවදොර සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම.
මාර්ගය වසා තැබීම සම්බන්ධව.
විකල්ප මාර්ග
2025.04.05 වන දින ගාලු මුවදොර සිට පැලවත්ත අපේගම පරිශ්‍රය දක්වා ගමන් කිරීම. මාර්ගය වසා තැබීම සම්බන්ධව.
ගාලු මුව දොර සිට ගාලු මැද පාර පැලවත්ත අපේ ගම පරිශ්‍රය දක්වා ගරු අග්‍රාමාත්‍යතුමා ගමන් කිරීමට නියමිත අතර ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, පුස්තකාල හන්දිය, ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ වටරවුම, හෝර්ටන් කිංසි හන්දිය, ඩඩ්ලි සේනානායක මාවත, ඩී.එස් හන්දිය, මොඩල් ෆාම් හන්දිය, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය, ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය, පොල්දූව හන්දිය, පාර්ලිමේන්තු මාර්ගය පැලවත්ත අපේගම පරිශ්‍රය දක්වා පැය 1600 සිට එම මාර්ගයන් වසා තැබීම හා ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණීම දක්වා එම මාර්ගයන්හි ප්‍රභූවරයා ඇතුළු රථ පෙල පසු කරනු ලබන මංසන්ධි අනුව පිළිවෙලින් එම මාර්ගයන් විවෘත කිරීම සිදු කරනු ලබයි.
Saru FM Media