ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

0
2

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අද (09) ප.ව. 4ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here