කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
අද (18) උදෑසන 9.00ට එම නිවේදනය නිකුත් කර ඇත.
අදාළ නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී තිබේ.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (18) දින සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.
මේ අතර පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා ක්‍රියාත්මක බවය.
Saru FM Media