ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට ඇති විය හැකි බරපතළ අවදානමක් ගැන හෙළිදරව්වක්

0
7

2050 වසර වන විට වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ඔස්ට්‍රේලියානු ජාතිකයින් මිලියන 1.5කට මුහුදු මට්ටම ඉහළ යාමේ හේතුවෙන් අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බව එරට දේශගුණික වාර්තාවක් උපුටා දක්වා තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ගංවතුර, සුළි සුළං, තාප තරංග, නියඟය සහ ලැව්ගිනි යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පැවතිය හැකි බව අදාළ වර්තාව මගින් පුරෝකතනය කර ඇත.

එරට දේශගුණික විපර්යාස අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසන්නේ දැනටමත් ඔස්ට්‍රේලියානු ජාතිකයින් අදාළ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දී සිටින බවය.

මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට ළගා වී ඇති අතර එය සෙල්සියස් අංශක 3 වුවහොත් උෂ්ණත්වය හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව සියයට 400ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවද අදාළ වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here