ඉදිරියට නෙරා ඇති උදරය අඩු කර සිරුරේ බර අඩු කරන කුරුඳු සහ මී පැණිවලින් සාදන විශ්මිත පානය.

0
11


හොඳ ආහාර පාලනයක් සහ ව්‍යායාම රටාවක් අනුගමනය කිරීම ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීමට ඉතා පහසුවක් වන බව ඔබ දන්නවා.ඒ ක්‍රම දෙකට අමතරව ඔබේ බර අඩු කරගන්න ඔබට අනුගමනය කරන්න පුළුවන් තවත් එක ක්‍රමයක් ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ.ඒ තමයි කුරුඳු සහ මී පැණි භාවිතා කිරීම. මේ ක්‍රමය ගැන බොහෝ දෙනා දන්නවා උනත් තවමත් ඒ ඒ භාවිතා කරන්නේ සුළු පිරිසක්. ශරීරයට ඉතාම ගුණදායක අමුද්‍රව්‍ය දෙකක් වන කුරුදු සහ මී පැණි වලින් ඔබ නොසිතන ආකාරයේ ප්‍රයෝජන ලබා ගන්නේ මෙහෙමයි

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

හදන්නෙ මෙහෙමයි

හොඳින් උතුරා ගත් වතුර කෝප්පයකට කුරුදු කැබැල්ල එකතු කරන්න.මිනිත්තු දහයක් පමණ එය වසා තබා පෙරා ගන්න.එයට මී පැණි තේ හැන්දක් එකතු කර පානය කරන්න

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

හදන්නෙ මෙහෙමයි

උණු වතුර කෝප්පයකට ග්‍රීන් ටී තේ කොල හැඳි 2 එකතු කර මද වේලාවක් තැම්බෙන්නට හරින්න.ඉන්පසු එයට කුරුඳු කුඩු එකතු කරන්න.තවත් විනාඩි දෙකකට පමණ පසුව එය පෙරා මී පැණි එකතු කරගන්න

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

හදන්නෙ මෙහෙමයි

කුරුඳු කුඩු , මී පැණි සහ ලෙමන් යුෂ භාජනයකට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න .එයට උණු වතුර කෝප්ප එකහමාර එකතු කර වසා තබා නිවෙන්නට හරින්න.මදක් නිවුණු පසු පෙරා ගන්න

උදෑසන

ඔබ බර අඩුකර අඩු කර ගැනීමට උත්සාහ කරන අයෙක් නම් ඔබේ දවස හොඳින් ආරම්භ කිරීම අතිශයම වැදගත්.එය ඔබේ දවසේ ඉතිරි කාලය ගතවන ගතවන ආකාරය තීරණය කිරීමට හේතුවක් වෙනවා.එය එසේ නොවුණු විට දවස තුළදී ඔබ ඕනෑම වෙලාවක ආහාර ගැනීමට හෝ සෞඛ්‍ය සම්පන්න නොවන දේවල් ආහාරයට ගැනීමට පෙලඹෙනවා.ඒ නිසා ඔබේ උදෑසන ආහාරයට පැය භාගයකට පමණ පෙර මෙවැනි පානයක් පානය කිරීම සුදුසුයි

එය ක්‍රියා කරන්නේ කොහොමද ?

කුරුදු සහ මීපැණි ඔබේ ආහාර ජීරණ පද්ධතිය ප්‍රබෝධමත් කිරීමට වගේම දිවා ආහාරය වනතුරු ඔබේ ශරීරයේ ශක්ති මට්ටම හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ

ආහාර වේල් අතර

ඔබ අමතර කැලරි දහනයක් බලාපොරොත්තු වෙනවා නම් සහ ආහාර රුචිය පාලනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් කුරුදු සහ මී පැණි පානයක් ඔබේ ආහාර වේල් අතර එක් අවස්ථාවකදී භාවිතා කරන්නට පුළුවන් .

එය ක්‍රියා කරන්නේ කොහොමද ?

සාමාන්‍යයෙන් දිවා ආහාරයෙන් පසුව ඇතිවන තද නිදිමත පාලනය කිරීමට වගේම ඔබේ ශක්ති මට්ටම නොනැසී පවත්වා ගැනීමටත් කුරුදු සහ මී පැණි පානයන්ට හැකියාව තියෙනවා .ඒ වගේම මෙම පානය සහ ප්‍රධාන ආහාර වේල් අතරතුර වෙනත් කිසිදු ආහාරයක් නොගැනීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්

ව්‍යායාම කිරීමට පෙර

ඔබ ව්‍යායාම කිරීමට පෙර ඔබේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට හැකි ක්‍රම පිළිබඳව සිතනවානම් කුරුඳු සහ මී පැණි පානයක් කියන්නේ හොඳම ක්‍රමයක් .එමඟින් ව්‍යායාමයෙන් පසුව ඔබට දැනෙන වෙහෙසකාරී බව ද අඩු කරගන්නට පුළුවන්

එය ක්‍රියා කරන්නේ කොහොමද ?

මී පැණිවල ඇති ස්වභාවික සීනි ඔබ ව්‍යායාම කරන අතරතුර ඔබේ ශක්ති මට්ටම ඉහළ නංවනවා .ඒ වගේම කුරුදු මගින් ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ නංවමින් හෘද ස්පන්දනය ද වඩාත් හොඳින් ක්‍රියා කරවනවා

නින්දට යාමට පෙර

ඔබේ රාත්‍රී නින්ද අතරතුර ආහාර ජීරණ පද්ධතිය හොඳින් ක්‍රියා කරවීමට නම් නින්දට පෙර කුරුදු සහ මී පැණි පානයක් ලබා ගැනීම සුදුසු වෙනවා . බොහෝ දෙනා රාත්‍රී ආහාරයෙන් පසුව අතුරුපස ලබා ගැනීමට හුරු වී සිටිනවා. නමුත් ඒ වෙනුවට මෙවැනි පානයක් ලබා ගැනීම ඔබේ ශරීරයට ඉතාම හිතකරයි

එය ක්‍රියා කරන්නේ කොහොමද ?

නින්දට පෙර කුරුදු සහ මී පැණි පානයක් ලබා ගැනීම මගින් රාත්‍රී කාලයේදී ඔබට වරින් වර කුසගිනි දැනීම පාලනය වනවා .ඒ වගේම නින්ද අතරතුර ඔබේ ආහාර ජීරණ පද්ධතිය ද හොඳින් ක්‍රියා කරවනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here