ඉතිහාසයේ පළමු වරට රන් මිල ඩොලර් 5,500 ඉක්මවයි

0
9

ඉතිහාසයේ පළමු වරට ලෝක වෙ‍ෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව අද (29) අලුයම රන් අවුන්සයක මිල දැක්වුයේ, අමෙරිකානු ඩොලර් 5,579ක් ලෙසයි.

ඊයේ (28) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 5,164ක් ලෙස දැක්විණි.

අමෙරිකානු ඩොලරයේ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන්, ලොව පුරා අයෝජිකයින් සහ මහ බැංකු රත්‍රන්වල ආයෝජනය කිරීම සහ සංචිත රැස් කිරීම රත්‍රන් මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමට හේතුව බව විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here