ඉතිරි වුන ඉඳිආප්ප අපතේ නොයවා ඉඳිආප්ප වලින් රසවත් කෑම වර්ග 3 ක්

0
12


ඉඳිආප්ප කියන්නේ ශ්‍රී ලාංකික නිවෙස්වල බොහොම ප්‍රසිද්ධ ආහාරයක්.ඉතිං ඒ ඉඳිආප්ප ආහාරයට ගත්ත දවස් වලට ඒවා ඉතිරි වුණොත් ඔබ මොකද කරන්නේ ? ඉතිරි වෙන ඉඳිආප්ප විසි කරන්නේ නැතිව ඒවායින් රසවත් කෑම වර්ග හදන හැටි තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ

වියළාගත් ඉඳිආප්ප
පොල්තෙල් බාගයක් පමණ
සීනි ග්‍රෑම් 250ක්
ඔබ කැමති පාටකින් food colouring

මුලින්ම තෙල් තාච්චියක් ලිපේ තබා තෙල් දාගන්න

තෙල් හොඳින් රත්වෙනකොට ඉඳිආප්ප එකින් එක එකතු කර හොඳින් බැදගන්න.බැදගත් ඉඳිආප්ප වල වැඩිපුර තෙල් ඉවත් වීම සඳහා ටිෂු කඩදාසි මත තබන්න

ඉන්පසුව තවත් භාජනයක් ලිප තබා එයට සීනි සහ වතුර එකතු කරන්න.

සීනි සහ වතුර මිශ්‍රණය කැටි නොගැසෙන සේ ඉතා හොඳින් එක දිගටම කලවම් කරන්න

දැන් එයට ඔබ කැමති පාටකින් colouring බින්දු කිහිපයක් එකතු කරගෙන තවත් හොදින් මිශ්‍ර කරගන්න

හැන්ද ඉහලට ඔසවන විට නූල් ඇදෙනවා මෙන් තිබෙනවා නම් මිශ්‍රණයේ පදම නිවරදි ප්‍රමාණයට පැමිණ තිබේ

උකු ගතියට එම පදම පැමිනි පසු ලිප නිවා මිශ්‍රණය නිවෙන්න තබන්න

ඉන්පසුව කුඩා හැන්දකින් කලින් බැදගත් ඉඳිආප්ප ආස්මි උඩට සීනි මිශ්‍රණය ඔබ කැමති ආකාරයකට හෝ රටාවකට එකතු කරගන්න

කෑලි කඩා ගත් ඉඳිආප්ප 30ක් විතර
හීනියට කපාගත් කැරට්
හීනියට කපාගත් ලීක්ස්
කොටු කපා ගත් ලොකු ළූණු
කටු ඉවත් කර තම්බා ගත් චිකන් ග්‍රෑම් 200
චිකන් ස්ටොක් කෝප්ප 2
කුරුඳු
කරදමුංගු
කරාබු නැටි
කරපිංචා හා රම්පේ
ඉඟුරු සුදුළූණු මේස හැන්දක්
රස අනුව ලුණු
ගම්මිරිස්
බැදගත් ළූණු
බැදගත් කජු ටිකක්
තම්බා ගත් බිත්තර 2
කොත්තමල්ලි කොළ

පෑන් එකක් ලිප තබා එය රත්වන විට එයට කරදමුංගු, කරාබුනැටි ,කරපිංචා සහ රම්පේ එකතු කර ගන්න

ඉන් පසුව එයට තම්බා ගත් චිකන් ටික එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

දැන් එයට ඉඟුරු, සුදුළූණු එකතු කරන්න

චිකන් තරමක් බැදුනු පසුව එයට කැරට් මිශ්‍ර කර තැම්බෙන්නට හරින්න.

ඉන්පසුව සිහින්ව කපාගත් ලොකු ළූණු සහ ලීක්ස් වලින් අඩක් එකතු කරන්න

දැන් රස අනුව ලුණු, ගම්මිරිස් දාගන්න.

කැබලි කඩාගත් ඉඳිආප්ප වලට චිකන් ස්ටොක් මිශ්‍ර කර එය එළවළු මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කරගන්න.

ඉන්පසුව ඉතුරු කරගත් ලීක්ස් ටිකත් එයටම එකතු කරන්න

අවසානයට බැදගත් ළූණු සහ කජු එකතු කර ලිප නිවා ගන්න

පිළිගන්වන විට තම්බා ගත් බිත්තර සහ කොත්තමල්ලි කොළ එකතු කර ගන්න

ඉඳිආප්ප 20ක් පමණ
සීනි ග්‍රෑම් 200
පැණි කෝප්ප 3/4
එනසාල්
කරාබුනැටි
පොල් කිරි කෝප්ප 1
ලුණු රස අනුව

මුලින්ම ඉඳිආප්ප ටික අතින් හොඳින් පොඩි කර ගන්න

දැන් පොඩි කර ගත් ඉඳිආප්ප මදක් තෙත් වන ප්‍රමාණයට පොල්කිරි ටික එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න

භාජනයක් ලිප තබා එයට පැණි සහ සීනි ස්වල්පයක් එකතු කර ගන්න

පැණි උතුරන විට ඉඳිආප්ප ටික එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. එයටම කොටාගත් එනසාල් කරාබුනැටි ටික එකතු කරගන්න.අවශ්‍ය නම් වැනිලා ටිකකුත් එකතු කර ගන්න

මිශ්‍රණය ස්වල්ප වෙලාවක් ලිපේ තියලා රස අනුව ලුණු එකතු කර ලිප නිවා ගන්න

තැටියකට බටර් ස්වල්පයක් ගාගෙන, මිශ්‍රණය එයට දමා හොඳින් තුනී කර කෑලි කපාගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here