ඉතාලි කෑමක රස බලමු

0
10


විවේකි සවසක සති අන්තයක දී ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ඉතාමත්ම පහසුවෙන් සාදාගන්නට හැකි මේ සලාදයඔබේ නිවසට සතුටක් රැගෙන ඒවිමතක තියාගන්නවැඩි වෙලාවක් යන්නේ නැහැ.

තක්කාලි සහ චීස් සලාදය

අවශ්‍ය දේ:

  • හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි 2
  • මොසරල්ලා චීස් කුඩා කැබලිවලට කපාගත් ග්‍රෑම් 50
  • කපාගත් පාට න් බෙල් පෙපර් ග්‍රෑම් 45

සාදා ගන්නා ආකාරය:

හොඳින් ඉදුණු තක්කාලිවල මදය ඉවත්කර කුඩා කැබලි වලට කපාගන්නකපාගත් බෙල් පෙපර්මොසරැල්ලා චීස් සහ තක්කාලි හොඳින් කලවම් කර dressing එකද එයට එකතු කරන්නඉන්පසු පිඟානක් ගෙන සාදාගත් සලාදය ඒ මත අතුරා පිළිගන්වන්න.

Dressing එකට අවශ්‍ය දේ:

  • බැසිල් කොළ ග්‍රෑම් 3
  • විනාකිරි මිලි ලීටර් 5
  • අඹරාගත් අබ ග්‍රෑම් 3
  • ඔලිව් තෙල් මිලි ලීටර් 5
  • ලුණු හා ගම්මිරිස් රස පදමට

සියලුම දේ එකට මිශ්‍ර කර සාදා ගන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here