ඉණේ තුවක්කුව ඉබේ පත්තුවී කිරමේ දඩයක්කරු මරුට

0
6

දඩයමේ ගොස් තුවක්කුව ඉණේ ගසාගෙන යතුරුපැදියෙන් යළි නිවසට එමින් සිටියදී එම ගිනිඅවිය පත්තු වී තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (15 දා) අලුයම මියගොස් ඇතැයි වලස්මුල්ල පොලිසිය පවයි.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 12 ඉංජිනේරු බලකායට අනුයුක්තව වසර 09 පමණ කාලයක් සේවය කර පසුව සේවයට වාර්තා නොකර සිට යළිත් හමුදාවට භාර වී නිත්‍යානුකූල ඉන් ඉවත්ව ඇති තලගහවත්ත, රදනිආර, කිරම, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තිදරු පියෙකි.

මොහු වඩු කාර්මිකයකු ලෙස කටයුතු කරමින් සිටියදී 14 වැනිදා රාත්‍රි සතුන් දඩයමේ ගොස් තිබේ. එලෙස දඩයමේ ගොස් සතුන් දඩයම් නොවීම නිසා මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුව ද ඉනේ ගසාගෙන අලු‍යම 02ට පමණ යතුරුපැදියෙන් යළි නිවසට එමින් සිටිය දී නිවස ආසන්නයේදීම එකවර තුවක්කුව ක්‍රියාත්මක වී තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහු ප්‍රතිකාර සඳහා වළස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිගොස් තිබේ. තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
සූරියවැව නුවන් ජයසේකර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here