ඉක්මනින් සිරුරේ බර අඩු කර ගන්න කැමති ඔබ අමතක නොකළ යුතුම කරුණු 8 ක්.

0
12


බර අඩු කර ගන්න නිතරම ට්‍රයි කරන ඔබ එක්සයිස් සහ ඩයට් ප්ලෑන් වලට අමතරව කළ යුතුම දේවල් කිහිපයක් ගැන තමයි අද කියන්න යන්නේ. මේ දේවල් හරියට කළොත් ඔබේ බර අඩු කර ගන්න තවත් පහසු වෙයි.

මේක හරිම වැදගත්.උදේ ආහාරය මඟ හැරීම ඔබට බර අඩු කර ගැනීමට උපකාරී වෙන්නේ නෑ. ඔබට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අහිමි වී බඩගිනි දැනෙන නිසා දවස පුරා වැඩිපුර ආහාර ගන්න සිදු වෙනවා.

හොඳට ක්‍රියාශීලි වුණාම ඔබේ සිරුරේ අනවශ්‍ය කැලරි වැය වෙන ව්‍යායාම ලැබෙනවා. ඒ නිසා දෛනික කාල සටහනට ටික දුරක් පයින් යන එක, පඩි නැගීම, ගෙදර අතුපතු ගාන එක, මොප් කරන එක වගේ දේවල් එකතු කරගෙන ක්‍රියාශීලිව ඉන්න.

සමහර වෙලාවට අපිට බඩගින්න සහ පිපාසය පැටලෙනවා. ඒ නිසා නිතරම වතුර බොන්න.ඔබේ ඇඟේ අනවශ්‍ය කැලරි දහනය වෙන්න නිතරම වතුර බීමත් වැදගත්.

තන්තු අධික ආහාර ගන්නකොට ඉක්මනින් බඩ පිරෙනවා.එළවලු , පලතුරු, ඕට්ස්, රතු හාල්, බෝංචි, පෙයාස් වගේ ආහාර ඔබේ ආහාර වේලට වැඩියෙන් එකතු කර ගන්න.

ඔබ ටින් ආහාරයක් සහ කල් තබා ගන්න ආහාරයක් ගන්නා විට හැම විටම ලේබලය කියවන්න. කැලරි සහ පෝෂක සම්බන්ධ විස්තර කියවා බැලීමෙන් ඔබට බර අඩුzaකර ගන්නත් ඔබේ ඩයට් ප්ලෑන් එකට ගැලපෙන ආහාර තෝරා ගන්නත් උදව්වක් වෙයි.

මේක හරිම වැදගත් ට්‍රික් එකක්. කුඩා වලඳක කෑම පිසීම, පුංචි පිගානක් පාවිච්චි කිරීම ඔබේ මොළය රවටන ට්‍රික්ස්. ඔබ බඩගින්නේ ඉන්නේ නෑ. ඒත් ටිකක් කන්නේ.මිනිත්තු විස්සක් පමණ තිස්සේ හෙමින් කමින් ටිකක් කන එක ඔබේ මොළයට ඔබේ උදරයෙන් “බඩ පිරුණු “බවට සිග්නල් එකක් යවන්න හේතුවක්.

මේක නම් ස්වර්ණමය නීතියක්. ක්ෂණික ආහාර, බීම වර්ග, චොකලට්, බිස්කට්, ක්‍රිස්පි වර්ග අහකටම දාන්න. ගෙදර හදා ගන්න පෝෂණීය ස්නැක් වර්ගයක් ආහාරයට ගන්න.පළතුරු, සීනි රහිත අයිස්ක්‍රීම්, ඕට්ස් කේක්, පළතුරු බීම ආහාරයට එකතු කරගන්නවා නම් ජන්ක් ෆුඩ්ස් නැති අඩුව ඔබට දැනෙන එකක්ම නෑ.

ඇල්කොහොල් වල ඉතා ඉහළ කැලරි ප්‍රමාණයක් තියනවා. ඉතින් ඔබට බර අඩු කරගන්න ඕන නම් ඇල්කොහොල් වලට තිත තියන්නම වෙනවා.

මේ දේවල් හරියට කළොත් ඩයට් ප්ලෑන්ස්, එක්සයිස් එක්ක ඔබට ලේසියෙන්ම බර අඩු කර ගන්න පුලුවන්. ඉතින් අභියෝගය අත නොහැර සටන් කරන්න.

අපේ සුබ පැතුම්!!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here