ඉක්මනින් රසවත් රාත්‍රී භෝජනයක්

0
11


කාර්යාලය නිමවී වෙහෙස මහන්සියෙන් නිවසට පැමිණෙන ඔබට රාත්‍රී ආහාරය සැකසීම එක්තරා ආකාරයක අභියෝගයක්. ඉතින් රසවත් බව පෝෂණය ආරක්ෂා වන පරිදි අඩු කාලයකදී සකස් කරගත හැකි මෙන්න මේ ආහාරය ඔබේ රාත්‍රී කෑම මේසය සිනහවෙන් පුරවාවී.

මස් සහ එළවලු සමඟ චීන නූඩ්ල්ස්

චයිනීස් නූඩ්ල්ස් ලෙස වඩාත් ජනප්‍රිය මෙසේ සකස් කරගන්නා නූඩ්ල්ස් වර්ගයි. නිර්මාංශ අයට මස් නොයොදා මෙය සකස් කරගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • නූඩ්ල්ස් ග්‍රෑම් 350
  • පෙති කපා ගත් සැල්දරි කැබැල්ලක්
  • තීරු කපාගත් කොළ පාට පිපිනඥ ග්‍රෑම් 75 හෝ 100
  • ඇට ඉවත් කරගත් අමු මිරිස් කරල් 2 ක්
  • කුඩාවට කපාගත් සුදු ළුණු බික් 1
  • ඇඹරූ මස් ග්‍රෑම් 350
  • ළුණු කොළ ගස් 4
  • තීරු කැපු ග්‍රීන් පෙපර් ගෙඩි 1
  • ලයිට් සෝයා සෝස් මේස හැඳි 1
  • චිලී පේස්ට් තේ හැඳි 2
  • කුඩාවට කපා ගත් ඉඟුරු කැබැල්ලක්

සාදන ක්‍රමය:

උතුරන වතුරට ලුණු ස්වල්පයක් දමා ඊට උඩින් නුඩ්ල්ස් දමා තම්බා ගන්න. තැම්බුණු විගසින් නූඩ්ල්ස් උණු වතුර බඳුනින් පිටතට ගෙන ඇල් වතුරට දමා සෝදා ගන්න. එවිට රැළි එකිනෙක ඇලෙන්නේ නැහැ. පසුව පෙරණයකට දමා වතුර බේරෙන්නට තබන්න.

පෑන් එකක් ගෙන එයට තෙල් රත්වෙන්නට දමා කුඩාවට කපාගත් සුදු ළුණු හා ඉඟුරු, ඇඹරු මස් දමන්න. විනාඩි 2ක 3ක්  පමණ පිසෙන්නට හැර  එළවලු එක්කරන්න. මඳ වෙලාවක් පිස ගන්න. ඊට පසු සෝස්, චිලි පේස්ට් දමා කලවම් කර නූඩ්ල්ස් එක් කරන්න. මේසයට යැවීමට පෙර ඊට උඩින් ළුණු කොළ  අතුරා ගන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here