නිරෝගී හැඩැති සිරුරක් හිමි කරගැනීම පහසු නැහැ. ඒ වගේම අපහසුත් නෑ. නිසි දැනුම සහ කැපවීම පමණයි අවශ්‍ය වන්නේ. ඉතින් ඉක්මනින් සිරුරේ බර අඩුකරගන්න යෝගට් කෑවොත් පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද?
ටෙනෙසී විශ්ව විද්‍යාලයේ (the University of Tennessee) පර්යේෂකයන් පිරිසක් යෝගට් පරිභෝජනය සහ බර අඩුවීම අතර සම්බන්ධයක් ඇතිදැයි සොයන්න පර්යේෂණයක් කලා. වසර 2005 ජනවාරි මස, ඔවුන් එහි ප්‍රතිඵල තරබාරුකම පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේ (The International Journal of Obesity) පලකරනු ලැබුවා. එම පර්යේෂණය මගින්, දිනකට මේදය අඩු යෝගට් (Low-fat yoghurt) කෝප්ප තුනක් පරිභෝජනය කිරීමට පුරුදු වූ අයගේ ශරීරයේ බර, යෝගට් නොකා ආහාර ගැනීම අඩුකරමින් බර අඩු කරගැනීමට උත්සාහ කරන අයට වඩා, වැඩිපුර අඩුවන බව ඔවුන් සොයාගෙන තිබුනා. මෙහිදී, වැඩිපුර උදරයේ ඇති තෙල් අඩුවීම විශේෂ දෙයක් වුනා.
Saru FM Media