ඉක්මණින් හරියටම නිවස පිරිසිදු කරමු..

0
10


ඔබේ හිතට නිදහසක්, නිස්කලංක බවක් වගේම නැවුම් හැඟීමක් අරන් එන්න පිළිවෙලට පිරිසිදුවට තියෙන ඔබේ නිවහනට පුළුවන් කියල ඔබ දැනන් හිටියද? 

කොච්චර පිරිසිදු කරත් ඊළඟ මොහොතේ හැඩිවෙන ඔබේ ගෙදර අස් කරල එපා වෙලා නම් අපි අද හරිම ලේසියට පහසුවට වගේම ඉක්මනින් ඔබේ ගෙදර පිරිසිදු කරගන්න පොඩි පොඩි ක්‍රම ටිකක් කියල දෙන්න හිතාගෙනයි මේ ලිපිය සමඟින් ඔබත් එක්ක එකතු වෙන්නෙ.

එහෙනම් බලමුකො කෝමද අපි පටන් ගන්නෙ කියල

මුලින්ම, පිරිසිදු කරන්න අවශ්‍ය උපකරණ ටික එක තැනකට එකතු කරගන්න. 

අතුගාන සහ ගෙබිම පිරිසිදු කරන කොසු සහ උපකරණ

දූවිලි පිහදාන්න රෙදි කැබැල්ලක්

ජනෙල් වීදුරු, බඩු භාණ්ඩ, බිම පිරිසිදු කරන සේදුම්කාරක දියර

පිරිසිදු වතුර භාජනයක්

බිම පිරිසිදු කළ පසු අතුරන්න ඉවත් කළ රෙදි කැබැලි

වගේ ඔබට අවශ්‍ය උපකරණ එක් තැනකට එකතු කරගන්න. 

විශාල ප්‍රමාණයේ මලු දෙකක් ගෙන ඉන් එක් මල්ලකට දිරන අපද්‍රව්‍යත් අනෙක් මල්ලට නොදිරන අපද්‍රව්‍යත් එකතු කරන්න. 

කාමරෙන් කාමරේ මුළු ගෙදරම ඇති අපද්‍රව්‍ය මේ විදිහට මලු දෙකට එකතු කරගන්න ඔබට පුළුවන්. 

ඊළඟට, පිරිසිදු කරන්න තියෙන පිඟන්, කෝප්ප සහ රෙදිත් එකතු කරගන්න. 

ඔබ කැමති නම් මේ වෙලාවෙම ඇඳුම් සෝදල වනන්නත් සහ පිඟන් කෝප්ප සෝදලා වතුර ඉවත් වෙන්න තියන්නත් පුළුවන්. 

එතකොට ඔබ ගේ අස් කරල ඉවර වෙද්දී පිඟන් කෝප්ප අසුරල ඉවර කරන්නත් ඔබට පුළුවන්.

මකුළු දැල් කඩන්න කලින් ඇඳ රෙදි ඉවත් කරන්නත් පුටු මේස හැකි නම් රෙද්දකින් ආවරණය කරන්නත් අමතක කරන්න එපා.

මුඛ ආවරණයකින් හෝ වෙනත් රෙදි කැබැල්ලකින් ඔබේ නහය සහ කට ආවරණය කරගෙන මකුළු දැල් කැඩීම වඩා හොඳයි.

රෙදි කැබැල්ලක් ගෙන පුටු, මේස, ජනෙල් සහ කණ්ණාඩි වල රැඳී ඇති දූවිලි මුලින්ම පිස ඉවත් කරගන්න.

ඉන්පසු සාමාන්‍ය ජලය හෝ සේදුම් කාරක මිශ්‍රකර කරගත් ජලයේ පෙඟවූ රෙදි කැබැල්ලකින් නැවත පිරිසිදු කරගන්න. 

කලින් අපි දූවිලි ඉවත් කරගෙන තිබෙන නිසා දැන් මේ උපකරණ වලට හොඳ පෙනුමක් ලැබෙන බව ඔබට පෙනේවී. 

දැන් ගෘහ භාණ්ඩ පිරිසුදු කිරීමෙන් මකුළු දැල් කැඩීමෙන් එකතු වුන ගෙබිම ඇති දූවිලි සියල්ල අතුගා ඉවත් කරගන්න ඔබට පුළුවන්. 

ඉවත් කරගත් පුටු, මේස, පුටු ඇඳ ඇතිරිලි, මේස රෙදි, කුෂන් කවර සහ පුටු කොට්ට නිසි පරිදි අදාළ ස්ථාන වල නැවත තබා සකසා ගන්න. 

මේ සියල්ලම කරල අවසන් වුනාම නැවත ඔබ කැමති නම් බිම අතුගාල බිම සෝදල වතුර ඉවත් වේලාගන්න.

ඉවත දමන රෙදි කැබලි බිම දමා වතුර වේලෙනකන් ගෙදර එහෙමෙහෙ ඇවිදින්න ඔබට පුළුවන්.

දැන් ඔබ භාවිත කරපු උපකරණ සියල්ල සෝදා වතුර වේලා එක් ස්ථානයක තබන්න.

නැවත අවශ්‍ය වූ විට එක තැනකින්ම අවශ්‍ය උපකරණ සොයාගන්න පහසුයි.

දැන් ඔබ රෙදි සහ පිඟන් සේදුවෙ නැත්නම් ඒව සෝදල අවසන් කරන්නත් එකතු කළ අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන්නත් ඔබට පුළුවන්. 

කාමරෙන් කාමරේ අස් කරනවට වඩා මේ පියවර ටිකෙන් මුළු ගෙදරම එක්වර පිරිසිදු කිරීම පහසු බව ඔබට වැටහේවි.

සුවඳ විහිදෙන ඉටිපන්දමක් හෝ හඳුන්කූරක් දල්වන්නත් ඔබ කැමති නම් පුළුවන්.

මානසික සුවයට වගේම ශාරීරික අපහසුතා නිවාගන්න මේ විදිහට පිරිසිදු කරගත් ඔබේ නිවසේ සුවපහසුව වාඩිවෙලා තේ කෝප්පයක් රස විඳින්නත් අමතක කරන්න එපා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here