ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ, රික්ටර් මාපකයේ 5.6ක භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙය කිලෝමීටර් 121ක් පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි යුරෝපීය – මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කළේ.
මේ අතර, දකුණු පිලිපීනයේ ද රික්ටර් මාපකයේ 5.6ක භූ කම්පනයන් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මින්ඩනාඕ දූපතේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර 30 ක් ගැඹුරින් සිදු වූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම භූකම්පන තත්ත්වයන් හේතුවෙන් එම රටවල් දෙකේ සිදුවූ දේපල හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
Saru FM Media