අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ඇල්ලේ සිට වැල්ලවාය දක්වා වූ මාර්ගයේ පස් සහ ගල් පෙරළීමේ අවදානමක් ද මේ වන විට මතුවී ඇති බවයි.
ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙනවා.
Saru FM Media