ඇල්ල මාරක අනතුරේ විමර්ශන අවසන් – වාර්තාව සුදානම් !

0
10

ඇල්ල ප්‍රදේශයේ දී 16 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිදුවු බස් රථ අනතුර ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර අදාළ වාර්තාව මේවන විට සකස් කර තිබේ .
එය ඉදිරි දිනවල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත භාරදීමට නියමිත ව ඇත .

ඇල්ල අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.එම කමිටුව විසින් මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකළ දිර්ඝ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව එහි වාර්තාව සකස් කර ඇත .

අදාළ කමිටු වාර්තාවට අනුව අනතුරට ලක්වු බස් රථය නිසි ලෙස නඩත්තු කර නොමැති බවට අනාවරණය වී ඇති අතර තිරිංග පද්ධතියේ ද දෝෂ පැවති බව හඳුනාගෙන තිබේ.

එමෙන්ම බස් රථයේ රියදුරු අදාළ ප්‍රදේශයේ මාර්ගය පිලිබඳව නිසි දැනුවත් භාවයකින් තොරව කටයුතු කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here