ඇල්ලේ දී අනතුරට පත් බස්රථයේ හිමිකරු අත්අඩංගුවට

0
4

ඇල්ල – වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එම බස්රථයේ හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පසුගිය 04 වනදා ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි විය.

මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මියගොස් තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here