ඇල්ලේ තුවාලකරුවන් බේරා ගන්න දිවි නොතකා ක්‍රියා කළ හමුදා විරුවා අගයයි

0
19

ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසල පසුගිය 04 වැනිදා සන්ධ්‍යාවේ සිදු වූ බස්රථ අනතුරෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය දක්වමින් එහි ගමන් ගත් මගීන් තිදෙනකු බේරා ගැනීමට කටයුතු කළ 2 වන විශේෂ බළකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම්. බණ්ඩාර කොමිෂන් නොලත් නිලධාරියාගේ එම නිර්භීත ක්‍රියාව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා විසින් අගයනු ලැබීය.

ඊයේ (17දා) ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර යුද හමුදා මූලස්ථානයට කැඳවා මේ ඇගයීම සිදු කෙරිණි. රාජකාරියෙන් බැහැරව නිවාඩු සිටියදී වුවද එම ජීවිත ගලවා ගැනීමේ කටයුතුවල යෙදී සිය හිසට බරපතළ තුවාල වුවද එය නොතකා සිදු කරනු ලැබූ එම නිර්භීත ක්‍රියාව අගය කළ යුද හමුදාපතිවරයා විසින් ඔහු කෝප්‍රල් නිලයට උසස් කළ අතර මූල්‍යමය පරිත්‍යාගයක්ද ප්‍රදානය කරනු ලැබීය.
චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here