පොලිසියට මහජන ප්‍රසාදය
පාතාල කල්ලි නායක ලලිත් කන්නංගර නොහොත් බස් ලලියා නමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමට ප්‍රසාදය පළ කරමින් හංවැල්ල අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව බැනර් ප්‍රදර්ශනය කරමින් ස්තුතිය පොලිසිය වෙත පිරිනමා ඇත.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ මෙම පාතාල කල්ලි නායකයා වැඩි දවසක් ගතවන්නට පෙර ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරගෙන යන බවයි.
මිනිස් ඝාතන කප්පම් ගැනීම් මත්ද්‍රව්‍ය ජාවාරම් කොල්ලකෑම් ඇතුළු දරුණු ගණයේ අපරාධවල නිරත වෙමින් ලලිත් කන්නංගර නමැති මෙම පාතාල නායකයා අවිස්සාවේල්ල, හංවැල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව භීතියට පත් කරගෙන සිටියහ.
සිය පාතාල කල්ලි අපරාධකරුවන් යොදවා මෙම අපරාධ සිදු කළ ලලිත් කන්නංගර ඩුබායි රාජ්‍යයට වී සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටියේය.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මූලිකත්වයෙන් ඩුබායි රාජ්‍ය වෙත ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් එරට පොලිසියේ ද සහාය ඇති ලලිත් කන්නංගර මීට දින කීපයකට උඩදී අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම පාතාල නායකයාගෙන් එල්ල වූ තර්ජන හමුවේ හංවැල්ල අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව සිය නිවාස පවා අත්හැර වෙනත් ප්‍රදේශවලට ගොස් සැඟවී ජීවත් වීමට කටයුතු කර තිබූ බව පොලිසිය පවසයි.
මිනිස් ඝාතන දහයක් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
හේමන්ත රන්දුණු
Saru FM Media










