ඇල්ලීමට තහනම් කටු පොකිරිස්සන් ඇල්ලූ අයෙක් අත්අඩංගුවට

0
8

ඇල්ලීමට තහනම් කුඩා කටු පොකිරිස්සන් අල්ලා විදේශිකයින්ට වැඩි මුදලට අලෙවිකිරීම සඳහා ගබඩා කර තිබූ ස්ථානයක් බේරුවල, මරදාන ප්‍රදේශයේ ධීවර වරාය ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලයෙන් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම ස්ථානය සොයාගෙන ඇත.

මෙහිදී ඇල්ලීමට තහනම් කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් සහ බිත්තර දමන කටු පොකිරිස්සන් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මෙම කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් සහ බිත්තර දමන පොකිරිස්සන් මේ ආකාරයට ධීවරයින් විසින් අස්වනු වශයෙන් නෙළීමේදී, සාගරය තුළ විශාල ප්‍රමාණයෙන්ම පොකිරිස්සන් බෝවීම අඩුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසයි.

ඒ අනුව මෙම ජාවාරමේ නිරත වූ එම ප්‍රදේශයේම පදිංචි ධීවරයෙකු  අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කළුතර මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here