ඇමෙරිකාව, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කරන්න යයි

0
2

අමෙරිකානු නාවික හමුදාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගන්නා බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ Truth Social සමාජ මාධ්‍ය සටහනක් එක්කරමිනි.

ඒ අනුව, අමෙරිකානු නාවික හමුදාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට හෝ පිටව යාමට උත්සාහ කරන ඕනෑම සහ සියලුම නැව් අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පවසා තිබුණේ මැදපෙරදිග යුද වාතාවරණය අවසන් කිරීමේ සඳහා පාකිස්තානයේ අද පැවති සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ පසුබිමකය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here